Sunday, September 4, 2011

Visual Basic


අ පොස සා පෙළ තොරතුරු තාක්ෂණය - 10 වන නිපුනතාවය  - ගැටඵ විසදීම සදහා පරිගණක ක්‍රමලේඛණය

විෂුවල් බේසික් උගැන්වීමේදී ‍ළමයින්ට ගෙදරදී කරන්න අභ්‍යාස දීම වැදගත්. මේ මූලිත මට්ටමේ ගැටඵ ටිකක්
විෂුවල් බේසික් උගන්වන අයටත් ඉගෙන ගන්න අයටත් වැදගත් වේවි.
1) වෘත්තයක අරය ලබා දුන් විට එම වෘත්තයෙ පරිධිය හා වර්ගඵලය සෙවීමටත් එම පරිධිය හා වර්ගඵලයDisplay කිරීමටත් program එකක් ලියන්න. උපදෙස් - වෘත්තයෙ අරය ඇතුලු කිරීම සදහා Text boxඑකක් ද පරිධිය හා වර්ගඵලය සෙවීම‍ට Command button 2 ක් ද පරිධිය හා වර්ගඵලය Display කිරීම සදහා label 2 ක් ද ඇතුලත් කරන්න. මෙහිදී Command button 2 සදහා‍ වෙන වෙනම Sub procedure 2 ක් ලිවිය යුතු අතර අරය (Radius) sub procedure 2 දීම භාවිතා කල හැකි වන පරිදිGlobal variable එකක් ලෙස Declare කරන්න.
වැඩිදුර වෙනස් කිරීම්: අරය සදහා සෘණ අගයයන් මෙන්ම 1000 ට වැඩි අගයයන් ඇතුල් කල විට“Please enter a radius between 0 and 1000” යන පණිවුඩය Display කිරීමට ඉහත program එක වැඩි දියුණු කරන්න.
2) වෘත්තයක පරිධිය , වර්ගඵලය සෙවීමට Form එකක් හා සෘජුකේණාස්‍රයක පරිමිතිය, වර්ගඵලය සෙවීමට තවත් form එකක් වන පරිදි FORM 3 කින් සමන්විත වන project එකක් සකස් කරන්න. මෙහි දී මුලින් ම ලැබිය යුතු form එක තුල button 2 ඇතුලත් කර එම buttons Circle සහ Rectangleවශයෙන් නම් කරන්න. එම එක් එක් button එකක් මත click කළ විට අදාල Form load විය යුතුය.
3) වාර්ෂික සුඵ පොලිය ගණනය කිරීමට program එකක් ලියන්න . මෙහිදී ණය මුදල , සුඵ පොලී අනුපාතිකය, සහ ණය මුදල ගෙවා අවසන් වන කාලය input ලෙස ලබා දිය යුතුය. පොළිය හා මුඵ මුදලCalculate කිරීමට BUTTON 2ක් ඇතුලත් කරන්න.
4) Form එක Load වීමෙදී form එක මත ඇති list box එකකට color, picture, text යන වචන addකිරීමට code ලියන්න. Program එක run කිරීමේදී List box එකෙන් color යන්න click කළ විට formඑකෙහි back color එක රතු පාට බවට පත්විය යුතු අතර picture යන්න click කරන විට picture එකක්display වීමත් Text යන්න click කළ විට text එකක් display වීමත් සිදුවිය යුතුය. මේ සදහා programඑකක් සකසන්න.
5) } A program is required to calculate the circumference of a circle, Area of a circle ,volume of a cylinderCombo box එකක් සදහා add item ක්‍රමය භාවිතා කර form load වීමේදී“circumference of a circle”, Area of a circle” , “volume of a cylinder” යන වගන්ති ඇතුල් කරන්න. Program එක run වීමේදී combo box එකෙන් අවශ්‍ය ගණනය කිරීම තේරූ විට එම ගණනය කිරීම සදහා අවශ්‍ය Input ලබා ගැනීමට අදාල ‍text box පමණක් display විය යුතුය. (මේ සදහාvisible= true ක්‍රමය යොදාගන්න) එම text box හරහා අදාල input ලබා දී calculate නැමැති buttonඑක Click කළ විට අදාල පිළිතුර display කිරීමට Program එක ලියන්න.
6) Option button 3 ක් යොදා ඒවායේ caption , “first 10 numbers” ,”first 10 odd numbers” ,”first 10 even numbers” ලෙස වෙනස් කරන්න. Program එක Run වීමේදී අවශ්‍ය option එකක් මත clickකළ පසු එයට අදාල ප්‍රතිඵලය Display වීමට program ලියන්න. (මෙහිදී එක් එක් option සදහා For next loop භාවිතා කරන්න)
7) Do while loop එක භාවිතා කර user ගේ නම විමසා සිටීම‍ට program එකක් සකසන්න. (මෙහිදීinput box භිවිතා කරන්න.) මෙම program එක RUN වීම අවසන් විය යුත්තේ USER විසින් inputකරන නම වෙනුවට “crc” යන අකුරු 3 ඇතුල් කළ විට පමණි

No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers