Tuesday, February 21, 2012

පරිගණකය මන්දගාමී වීම වලක්වා ගනිමු


පරිගණකයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම වලක්වමු

පරිගණකයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම සදහා හේතු විය හැකි කරුණු කිහිපයත් පහත දැක්වෙන අතර ඒවා නිරාකරණය කරගන්නා අන්දම මෙහිදී සලකා බලමු. ‍මෙහි දැක්වෙන විසඳුම් සදහා ඔබ පරිගණකයේ Administrator ලෙස පරිගණකයට log වී සිටිය යුතුය.

1)                 Installing and scanning with Antivirus software

 මෙහෙයුම් පද්ධතිය ආක්‍රමණය කරමින් virus සහ spyware වැඩසටහන් ක්‍රියාත්මක වීම පරිගණකය මන්දගාමී වීම‍ට බලපාන ප්‍රධාන හේතුවකි. Spyware cookies සහ Trojans වැනි අනවශ්‍ය වැඩසටහන් පරිගණකයේ processor time භාවිතා කරමින්  ක්‍රියාත්මක වීම නැවැත්විය යුතුය. මේ සදහා
                                            I.            Virus guard  මෘදුකාංගයක් සහ  Spy ware detection මාදුකාංගයක් ස්ථාපනය කිරීම හා virus guard මෘදුකාංගය මගින් පද්ධතිය scan කිරීම කළ යුතුය. (පුද්ගලික භාවිතය සදහා නිදහස්  Avira Antivirus  මෘදුකාංගයක්  http://www.avira.com/free-av  මගින් Download කර ගෙන ස්ථාපනය කරන්න. එසේම එය නිතිපතා update කිරීම ද කළයුතු වෙනවා.)
                                          II.            ඔබේ පරිගණකයට ආසාදනය වී ඇති ප්‍රසිද්ධ virus programs තිබේ නම් ඒවා ඉවත් කිරීම සදහා Quick virus remover tool  එකක් http://sites.google.com/site/qvr  මගින්  download කර ස්ථාපනය කර ක්‍රියාත්මක කළ හැකිය.
                                        III.            පරිගණකයට malware හෝ spyware ආසාදනය  වී ඇති නම් http://www.majorgeeks.com/SpywareBlaster_d2859.html  මගින් Spyware Blaster නැමැති මෘදුකාංගයක් download කර ස්ථාපනය කර ගැනීමෙන් එසේ ආසාදනය වී ඇති malware ඉවත් කරගන්න.
                                        IV.             වෙබ් ගවේෂණය සදහා Mozilla firefox , Google crome වැනි වෙබ් බ්‍රව්සර මෘදුකාංගයක නවතම සංස්කරණයක් Download  කර ස්ථාපනය කරගන්න.
                                          V.             පිටතින් ගෙන එන පෙන් ඩ්‍රයිව්ස්  හා අන් පරිගණක වලින් පිටපත් කරන ලද සී ඩී තැටි භාවිතා කිරීමේදී සැම විටම ඒවා ඇන්ටි වයිරස් මාදුකාංගය මගින් වයිරස් ස්කෑන් කිරීම හා  වයිරස් තිබේ නම් ඒවා  ඉවත් කිරීමෙන් පසු  භාවිතා කිරීම.

2)              Disk clean up (පරිගණකයේ දාඩ තැටිය පරිසිදු කර ගැනීම  )

ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය අඩංගු දෘඩ තැටි‍ කොටස (C -partition)   තුළ සැම විටම 1 GB කට වැඩි ඉඩ ප්‍රමාණයක් හිස්ව තබාගන්න.. එසේම පරිගණක දෘඩ තැටිය තුළ එකතු වී ඇති අනවශ්‍ය files මකා දැමීම සදහා Windows මෙහෙයුම් පද්ධතිය මගින් සපයා ඇති  Disk Clean Up  නැමැති උපයෝගිතා මෘදුකාංගය ධාවනය කරන්න. (අප විසින් විවිධ මෘදුකාංග ඉන්ස්ටෝල් හා අන් ඉන්ස්ටෝල් කරන විට හාඩ් ඩිස්ක් එක තුල ටෙම්පරරි ෆොල්ඩර් හා ෆයිල්ස් සකස් වේ ) 
ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය Windows xp නම්
     I.             Start, à All Programs, à Accessories, à System Tools, à Disk Cleanup. දැන් අවශ්‍ය පාටිෂන් එක තෝරන්න














II.       




     Disk Cleanup for නැමැති සංවාද කොටුවෙන් මකා දැමීමට අවශ්‍ය files තෝරන්න
                          III.             මකා දැමීමට අවශ්‍ය නොවන files  තිබේනම් හරිලකුණ ඉවත් කර OK කරන්න.
                         IV.            තහවුරු කිරීම සදහා YES ලබා දෙන්න.

3)                 දෘඩ තැටියේ ඇති files අඛණ්ඩව තබා ගැනීම (‍Disk defragmentation)

ඉඩ මද වීම හේතුවෙන් මෙහෙයුම් පද්ධතිය විසින් ගොනුවක් ( file එකක් )කො‍ටස්  වලට බෙදා ස්ථාන කිහිපයක තැන්පත් කිරීම සිදු කරයි. මෙය Disk Fragmentation  ලෙස හඳුන්වන අතර ඒ හේතුවෙන් එවැනි ගොනුවක්  විවෘත කිරීමේදී ගත වන ‍කාලය වැඩිවේ.මෙය අඩු කර ගැනීම සදහා එසේ Fragment වී ඇති ගොනු Defrag කළ යුතුය. මෙය Disk Defragmentation ලෙස හැදින්වේ.
Start à Al programs à Accessories à System tools à Disk Defragmenter
1)      දැන් ලැබෙන කවුඵවෙන් යම් Drive එකක් තෝරා analyze නැමැති ‍බොත්තම තද කරන්න.  
2)       Analyze කිරීමෙන් පසු එම Drive එක Defrag කළ යුතු නම් Defrag නැමැති බොත්තම තද කරන්න. මේ සදහා සැළකිය යුතු වේලාවක් ගත වනු ඇත.

 











4)                 Clean up your start up list

පරිගණකය පණගැන්වූ පසු ආරම්භක තිරය ලැබීමට වැය වන වේලාව(Start up time) අඩු කරගැනීම සදහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.
Start à run à type  MSCONFIG  and press enter  
















මෙහි දක්වා ඇත්තේ ඉහත පියවර අනුගමනය කළ විට දැකිය හැකි කවුඵවයි. එහි startup නැමැති tab එක තුළින් දැකිය හැකි ලැයිස්තුවේ දැකිය හැකි වන්නේ පරිගණකය ආරම්භයේදී ම ක්‍රියාත්මක වීම පටන් ගන්නා මෘදුකාංග වල නාම ලේඛනයයි. එයින් ආරම්භයේ දීම පරිගණකය විසින් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය  නොවන මෘදුකාංග එම ලැයිස්තුවෙන් තෝරා ඉවත් කරන්න. එම ලැයිස්තුවේ ඇති යම් මෘදුකාංගයක් මගින් සිදු කරන්නේ කුමක්ද යන්න දැන ගැනීමට අවශ්‍ය නම් http://www.sysinfo.org/startuplist.php. නැමැති වෙබ් අඩවි පිටුවට යන්න. වෙනස් කම් සිදු කිරීමෙන් පසු “OK” අණ කිරීම ලබා දෙන්න එවිට පරිගණකය නැවත පණ ගැන්වීම හෝ පසුව නැවත පණ ගැන්වීම සිදු කළ හැකිය

5)                 පරිගණක‍යේ Performance Options වෙනස් කරමු



පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය විසින් ඇති කරන යම් දෘශ්‍ය අලංකරන නැවැත්වීම මගින්  මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය පෙනුම වැඩි කිරීමට වඩා එහි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට  හැකිය.
                      I.        ඩෙස්ක් ටොප් එක මත ඇති “My computer icon”    එක right click කල විට ලැබෙන මෙනු එකේ properties තෝරන්න
                     II.        Advance tab එකෙන් setting යන්න ක්ලික් කරන්න.
                    III.        එයින් Visual Effects යන්නෙහි දැක්වෙන Adjust for best performance යන්න‍ තෝරා OK ක්ලික් කරන්න.


 
















6.     Add Remove Programs

පරිගණකයට ස්ථාපනය (install)  කර ඇති මෘදුකාංග වලින් භාවිතයට නොගන්නා මෘදුකාංග තිබේ නම්  ඒවා Uninstall  කරන්න.
Start à Control Panel à Add or Remove program s යන්න click කරන්න. එවිට ලැබෙක මෘදුකාංග ලේඛනයෙන් අනවශ්‍ය මෘදුකාංග‍ ‍තෝරා ඒවා ඉවත් කරන්න.

7.     Task Manager  ප්‍රයෝජනයට ගනිමු

පරිගණකයේ වැඩ කරමින් ඉන්න වේලාවට එක් වරටම mouse click වලට ප්‍රතිචාර නොදක්වා පරිගණකය හිර වීම සිදු‍වුවහොත් තවතවත් ක්ලික් කිරීමෙන් වැලකී පරිගණකයට මොහොතක් ඉඩදී බලා සිටින්න. එයින් පසුවත් පරිගණකය ප්‍රතිචාර දැක්වීමට සූදානම් නැති නම් CTRL + ALT +DELETE යතුරු ත්‍රිත්වය එකවර ඔබා Task Manager කවුඵව ලබා ගන්න.
Task Manger භාවිතා කර යෙදුමක් නැවැත්වීම
මෙහි ඇති Application නැමැති tab එක තුළින් දැනට ක්‍රියාත්මක වන යෙදුම් පෙන්වන අතර එයින් තමන්ට අවශ්‍ය එසේම ප්‍රතිචාර නොදක්වන යෙදුම ‍‍තෝරා End Task නැමැති බොත්තම තද කරන්න.
Task Manager භාවිතා කර ධාවනය වන process එකක් නැවැත්වීම
Task Manager කවුඵවේ processes නැමැති tab එක ක්ලික් කල විට මේ මොහො‍තේ CPU විසින් ක්‍රියාත්මත කරන ප්‍රොසෙස් ලැයිස්තුව එහි පෙන්නුම් කෙරේ.  එහි සැක සහිත Process තිබේ නම් ‍ඒවා තෝරා End Process කරන්න. ආගන්තුක Process හඳුනා ගැනීම සදහා පළපුරුද්ද අවශ්‍යයි. Process එක කුමක්දැයි ස්ථිරව දැන ගැනීම සදහා http://www.tasklist.org වැනි වෙබ් අඩවියකින් උදව් ගත හැකිය. 

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers