Friday, June 13, 2014

දත්ත සන්නිවේදන හා පරිගණක ජාලතාක්ෂණික කරමට මවේදයන්


8.1 තාර්කික උපාංග යොදාගනිමින් දත්ත සන්නිවේදනයසඳහා වියුක්ත  ආකෘතියක්ගොඩ නගයි.
සන්නිවේදනය යනු කුමක්ද
පුද්ගලයින් අතර අදහස් හුවමාරු කිරීම සන්නිවේදනය  ලෙස දැක්විය හැකිය. මූලික සන්නිවේදන ක්‍රමය මිනිස් කටහඩ වන අතර මාධ්‍යය වාතය වේ.
මිනිසා විසින් පළමුව දියුණු කරන ලද්දේ  මාධ්‍ය ලෙස තඹ කම්බි භාවිතාකර  විදයුත් චුම්භක තරංග(Electromagnetic signals) අනුසාරයෙන් සන්නිවේදනයේ යෙදීමයි.මෙය telecommunication ලෙස හැඳින්වේ.
දත්ත සන්නිවේදනය යනු කුමක්ද ?
සන්නිවේදනය යනු මනුෂ්‍යයින් හෝ පරිගණක පද්ධති යන කුමන එකක් අනුසාරයෙන් වුවද අදහස් කෙරෙන්නේ එකම දෙයකි. එනම් තොරතුරු යවනු ලබන්නා ගේ (sender)සිට ග්‍රාහකයා (receiver)දක්වා සම්ප්‍රේෂණය කිරීමයි.
දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා සම්ප්‍රේෂණය කිරීම දත්ත සන්නිවේදනය ලෙස හැඳින්වේ.මෙහිදී  දත්ත සම්ප්‍රේෂකය විසින් සම්ප්‍රේෂනය කරනු ලබන දත්ත ග්‍රාහකයා විසින් ග්‍රහණය කරගනු ලැබේ.සම්ප්‍රේෂණය කිරීම සඳහා යම් මාධ්‍යයක් භාවිතා කෙරේ.
දත්ත සන්නිවේදන පද්ධතියක සංරචක
1.       දත්තප්‍රභවය (Source) (දත්තනිපදවන්නාහෝස්ථානය)සහ සම්ප්‍රේෂකය (transmitter)
2.       දත්ත සම්පේ‍්‍රෂණ මාධ්‍යය (medium)
3.       දත්ත ග‍්‍රාහකයා (දත්ත ලබා ගන්නා)(Receiver)
4.       නියමාවලි (Protocols)
5.       සංඥා (Signals)

දත්ත ප්‍රභවය සහ සම්ප්‍රේෂකය                                                                                                                                    දත්ත ග්‍රාහකයා

මාධ්‍යය

දත්ත ප්‍රභවය සහ සම්ප්‍රේෂකය
දත්ත ජනනය සිදුකල හැකි පරිගණකයක් හෝ එවැනි දත්ත උත්පාදනය (Generate) සිදු කල හැකි පරිගණක ගත උපාංගයක් දත්ත ප්‍රභවය ලෙස සැලකේ. උත්පාදනය කළ දත්ත සන්නිවේදන මාධ්‍යයට මුදා හැරීමට පෙර සුදුසු සංඥා ආකාරයට හැරවීම සහ මුදා හැරිම සඳහා සම්ප්‍රේෂකය (transmitter) ක් අවශ්‍ය වේ.
දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය
දත්ත තම ගමනාන්තය දක්වා ගමන් කරවීමට යොදා ගන්නා සන්නිවේදන උපක්‍රමය මාධ්‍ය ලෙස හැඳින්වෙන අතර මෙය සරල රැහැනක් ,තරංග ස්වරෑපයක්,පරිගණක ජාල හෝ අන්තර්ජාලය හෝ විය හැකිය.
දත්ත සම්පේ‍්‍රෂණ මාධ්‍යයන් වර්ගීකරණය

අභ්‍යාස
1.       ප්‍රියන්තතමජංගමදුරකථනයේඇතිඡායාරෑපපරිගණකයවෙතසම්ප්රේෂණය කරන්නේ බ්‍ලූටූත් තාක්ෂණය භාවිත කිරීමෙනි.ඉන්පසු හෙතෙම පරිගණකයට යා කර ඇති මුද්‍රණ යන්ත්‍රයක් මගින් එම ජායාරෑප මුද්‍රණය කරයි. මෙම එක් එක් කාර්යය සඳහා
       ප්‍රභවය
       සම්ප්‍රෙෂණ මාධ්‍ය
       දත්ත ග්‍රාහකයා  ‍නම් කරන්න
2.       දත්ත සන්නිවේදනය සඳහා රැහැන් භාවිතා කිරීමට වඩා රැහැන් රහිත ක්‍රමයේ ඇති වාසි මොනවාද

දත්ත ග්‍රාහකයා /receiver
සන්නිවේදන පද්ධතියක් භාවිතයෙන් ගමන් කරන තරංග ග්‍රහණය කර ගනිමින් ඒවා  නැවත  මුලදී තිබූ දත්ත බවට හැරවීමෙන් පසු දත්ත ග්‍රාහකයා විසින් ලබා ගනී. මෙම දත්ත ග්‍රාහකයා ද පරිගණකයක් හෝ එවැනි ජංගම උපකරණයක් වේ.
නියමාවලි protocol
දත්ත සන්නිවේදනයේ යෙදෙන සම්ප්‍රේෂකයා හා ග්‍රාහකයා අතර ඇති කර ගන්නා සම්මුතිය නියමාවලියක් ලෙස හැඳින්වේ.  එසේම නියමාවලියක් යනු පණිවුඩය නිවැරදි ව සම්ප්‍රේෂණය කිරීම හා තේරුම් ගැනීම සඳහා දෙපාර්ශවය විසින්ම පිළිපැදිය යුතු නීති රීති එකතුවක්  (Set of rules) ලෙසද දැක්විය හැකිය.මෙම යාන්ත්‍රණය නිසා සම්ප්‍රේෂනය කරනු ලබන දත්ත ග්‍රාහකයාහට අවබෝධ කර ගත හැකි වීමත් ඒවා විකේතනය කිරීමටත් අවස්ථාව ලැබේ. මෙම නියමාවලි මෘදුකාංග මෙන්ම දෘඩාංග ලෙසද යෙදවිය හැකිය.
සමමුහුර්තකරණය Synchronization.
දත්ත ග්‍රාහකයා වෙත ලැබෙන සෑම දත්ත බිටුවක,බයිටයක හෝ ඕනෑම දත්ත ඒකකයක ආරම්භක බිටුව හා අවසාන  බිටුව දත්ත ග්‍රාහකයා විසින් නිවැරදිව තේරුම් ගැනීම නිවැරදි දත්ත සන්නිවේදනය සඳහා වැදගත් වේ.මෙම ලක්ෂණය පණිවුඩයේ අන්තර් ගත කිරීම සමමුහුර්තකරණය ලෙස හැඳින්වේ.
පිළිදැන්වීම Acknowledgment
තමන් දත්ත පිළිගැනීමට සූදානම් බව දන්වමින් දත්ත ග්‍රාහකයා විසින් දත්ත ප්‍රභවය වෙත දන්වා සිටීමත්  එසේම තමන් දත්ත නිවැරදිව ග්‍රහණය කළ බවට දත්ත ග්‍රාහකයා විසින් දත්ත ප්‍රභවය වෙත දැනුම් දීමත් පිළිදැන්වීම ලෙස හැඳින්වේ.
සංඥා (signals)
දත්ත, සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂනය කිරීමට පෙර ඒවා සංඥා බවට හැරවිය යුතුය. මෙවැනි සංඥා සම්ප්‍රේෂණ මාධ්‍යයක් ඔස්සේ ගමන් කරයි. සංඥාව සම්ප්‍රෙෂණය වීමේදී මාධ්‍ය  කම්පනය වේ. සංඥා වර්ග 2 කි
1.       අංකිත සංඥා (DIGITAL SIGNAL)
2.       ප්‍රතිසම සංඥා (Analog Signals)
ප්‍රතිසම සංඥා
ස්වභාවික සංඥා විද්‍යුත් සංඥා බවට හැරවූ විට ඒවා යම් නිශ්චිත රටාවක් අනුගමනය නොකරයි. මෙවැනි සංඥාවක් ප්‍රතිසම සංඥාවක් ලෙස හැඳින්වේ. උදාහරණයක්ලෙස කටහඩ විද්‍යුත් සංඥාවක් බවට හැරවීමෙන් පසු ප්‍රතිසම සංඥාවක් නිර්මාණය කෙරේ.
මේවා අඛන්ඩව වෙනස්වන වෝල්ටීයතා අගයයන් ගෙන් සමන්විත වෙයි
සංඥාවක තත්පරයට සිදුවන කම්පන වාර ගණන ‍හෙවත් සංඛ්‍යාතය හර්ට්ස් වලින් මනිනු ලැබේ.  දුරකථන රැහැන් හරහා (PSTN)මෙම සංඥා සම්ප්‍රේෂණය කෙරේ. මෙවැනි තරංග සම්ප්‍රෙෂනයේ යෙදෙන පද්ධතියක් Broadband system ලෙස හැඳින්වේ.
ප්‍රතිසම සංඥාවක කොටස්
විස්තාරය (Amplitude)
තරංග ගමන් කිරීමේදී ඇති කරන කැළඹීම නිසා තරංගයේ විස්ථාපනය වේ. විස්තාරය යනු සමතුලිත අවස්ථාවේ සිට යම් අංශුවක උපරිම විස්ථාපනයටයි.

සංඛ්‍යාතය (frequency) Hz
යම් ඒකක කාලයක් තුළ ජනනය කරන තරංග (සංඥා) ප්‍රමාණය (කම්පන වාර ගණන)සංඛයාතය ලෙස හැඳින්වේ. එසේම තත්පරයක් තුළ නිශ්චිත ස්ථානයක් පසුකරන සංඥා ප්‍රමාණය ද කම්පනය ලෙස සැළකනු ලැබේ.සංඛ්‍යාතය මැනීම සඳහා Cycles per second -cps හෝ Hertz භාවිතා කරනු ලැබේ.
සාමාන්‍ය මනුෂ්‍යයාගේ ශ්‍රවණ පරාසය - 20hz -20 KHz දක්වා වේ.
අංකිත සංඥා (Digital Signals)
මූලික තොරතුර හෝ සංඥාව කාලය සමඟ වෙනස් වන නිශ්චිත  වෝල්ටීයතා අගයයන් 2 ක් මගින් දැක්වීම හෙවත්  බිටු සමූහයක එකතුවක් බවට හැරවීමෙන් අංකිත සංඥා ජනනය කෙරේ.යම් වෝල්ටීයතාවයක් යෙදු විට 1 නැමැති කේතය (Code)සම්ප්‍රේෂණය කිරීමද වෝල්ටීයතාවය 0 ක් වූ විට 0 නැමැති කේතය සම්ප්‍රේෂනය කිරීමද මෙහිදී සිදුවේ. ප්‍රතිසම සංඥා මෙන් නොව මේවා වැඩි දුරක් සන්නිවේදනයේදී හානි වීම් වලට ලක් නොවේ. අංකිත සංඥා ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂනය කරන පද්ධතියක් baseband  System ලෙස හැඳින්වේ.
සංඥා ආකාරයෙන් දත්ත නිරෑපණය
සාමාන්‍ය  ලෝහමය රැහැනක් ඉලෙක්ට්‍රෝන සමූහයක් සම්ප්‍රේෂනය කිරීමට සමත් වේ.මෙම ගති ලක්ෂනය අනුව දත්ත ඉලෙක්ට්‍රොන රටාවකට හැරවීම මගින් එම දත්ත සංඥා ආකාරයෙන් නිරෑපණය කිරීම සහ සම්ප්‍රේෂණය කිරීම  කළ හැකිවේ.

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers