Thursday, August 14, 2014

5 පරිගණක පරිසාධන වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිතා කිරීම



5 පරිගණක පරිසාධන වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිතා කිරීම

5 විවිධ වර්ගයේ මතකයන් සහ ඒවායේප්‍රධාන ලක්ෂණ
දත්ත හෝ උපදෙස් තාවකාලිකව හෝ ස්ථිරව ගබඩා කර තබා ගැනීම සඳහා යොදා ගන්නා භෞතික උපකරණ මතක ගබඩා යනුවෙන් අදහස් කෙරේ. මතක ගබඩා ආකාර 2 කි(සාමාන්‍ය යෙයන් මතකය යනුවෙන් හැඳින් වෙන්නේ චිපයයන් තුළ අන්තර් ගත කර ඇති ගබඩාවන්ය එහෙත් විෂය නිර්දේශය අනුව පරිගණකයේ ඇති සෑම ගබඩාවක්ම "මතක"ලෙස දක්වා ඇති නිසා මෙහි මතකය යන්න මතක ගබඩා ලෙස ගෙන ඇත.)

1 තාවකාලික මතකය හෙවත් නශ්‍ය මතකය

2 නශ්‍ය නොවන/ස්ථිර මතක ‍ගබඩාවන්
 


තාවකාලික මතක ගබඩා (නශ්‍ය මතකය volatile memory)
- පරිගණකය පණ ගන්වා ඇති විට දී පමණක්  දත්ත හා තොරතුරු එක් රැස් කර තබා ගන්නා ස්ථානමෙලෙස හැඳින්වේ.පරිගණකයට සැපයෙන විදුලිය විසන්ධි වූ සැනින් මේවායේ ඇති දත්ත මැකී යනු ඇත. පරිගණකයේ ඇති නශ්‍ය මතකයන් 3 කි .
1.රෙජිස්තර මතකය (registers)
2 සංචිත මතකය / නිහිත මතකය / වාරක මතකය ( cache memory)
3 සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory)



රෙජිස්තර මතකය
මධ්‍ය සැකසුම් ඒකකය අභ්‍යන්තරයේ පිහිටුවා ඇති මතක විශේෂයකි. වෙනත් මතක ව්‍යුහයන්ට වඩා ඉක්මනින් මධ්‍ය සැකසුම් ඒකකය වෙත දත්ත ලබා දීමට හැකිය එනිසා  වේගවත් බවින් ඉහලම මතක වර්ගය රෙජිස්තර මතකයයි.සෙවුම් ඉෂ්ඨ චක්‍රය ක්‍රියාත්මත කිරීමේදී මෙම මතකය යොදා ගැනේ
 

සංචිත මතකය cache memory
මධ්‍ය සැකසුම් ඒකකය තුල සිදුවන ක්‍රියාකාරකම් වලට ගතවන කාලය මනින්නේ නැනෝ තත්පර වලිනි (10-9) සෙවුම් ඉෂ්ට චක්‍රයක් ක්‍රියාත්මක කිරීමට ගතවන්නේ  නැනෝ තත්පර 2 ක් පමණ වන අතර  RAM මතකයෙන් දත්ත ප්‍ර වේශ කර ගැනීමට නැනෝ තත්පර 60 ක් පමණ ගතවේ . මේ නිසා මධ්‍ය සැකසුම් ඒකකයට ගැලපෙන වේගයෙන්  දත්ත ලබාදීම අවශ්‍ය වේ. මේ සඳහා මධ්‍ය සැකසුම හා ප්‍රධාන මතකය අතරට වඩාත් වේගවත් මතකයක්  ලෙස කෑෂ් මතකය හඳුන්වා දී ඇත.
·         මෙය මධ්‍ය සැකසුම අභ්‍යන්තරයේ සහ  ඒ ආසන්නයේ ස්ථානගත කරයි.
·         ධාරිතාවය ප්‍රධාන මතකයට වඩා අඩු වන නමුත් මේ තුළ ඇති දත්ත වෙත ඉක්මනින් ලගා විය හැකිය.
·         මධ්‍ය සැකසුම් ඒකකය විසින් නිරතුරුවම භාවිතා කරන දත්ත වල පිටපත් සංචිත මතකය තුළ තබා ගැනේ
·         මධ්‍ය සැකසුම් ඒකකයට යම් දත්තයක් ලිවීමට හෝ කියවීමට අවශ්‍ය වූ විට එයට අදාල පිටපත් සංචිත මතකයේ තිබේ දැයි ප්‍රථමයෙන් පරීක්ෂා කරයි.
L1, L2 ,L3 (Levels) යනුවෙන් මට්ටම් 3 ක සංචිත මතක වර්තමාන පරිගණක වල දැකිය හැකිය.
සංචිත මතක ප්‍රමාණයන් විකාශය වූ ආකාරය
Intel Pentium iii – cache L1 – 16 KB /L2- 256 KB
Intel® Core™ i3-3220 Processorඑකෙහි ඇති සංචිත මතක ප්‍රමාණය - 3 MB
  සංචිත මතක නිර්මාණය කිරීම සඳහා SRAM වර්ගයේ මතක යොදා ගැනේ (SRAM පිළිබඳ විස්තර පසුවට)
ඉතිරිය මතු සම්බන්ධය.....


Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers