Tuesday, September 6, 2011

OL ICT competency 2.5

OL ICT competency 2.5 – Investigates benefits and concerns of computer networks for optimal communication. The following exercise is to identify the physical components of a LAN. Type the relevant name for each of the components in the blank cages provided. A list of names for the components is given and it should only select the words from that list to type to the cages. After typing each in simple letters it should press enter button or click "test". ස්ථානීය ප්‍රදේශ ජාලයක භෞතික කොටස් හදුනා ගැනීම සදහ සකසන ලද අභ්‍යාසයක් පහත දැක්වේ.මෙහි දක්වා ඇති ජාලයේ එක් එක් උපකරණය හදුන්වන නම දී ඇති ලැයිස්තුවෙන් තෝරා ඒ සදහා සපයා ඇති හිස් තැනෙහි type කරන්න. ඒ ආකාරයට උපකරණ සියල්ලම නම් කළ පසු "test" නැමැති බොත්තම තද කරන්න.

Sunday, September 4, 2011

Visual Basic


අ පොස සා පෙළ තොරතුරු තාක්ෂණය - 10 වන නිපුනතාවය  - ගැටඵ විසදීම සදහා පරිගණක ක්‍රමලේඛණය

විෂුවල් බේසික් උගැන්වීමේදී ‍ළමයින්ට ගෙදරදී කරන්න අභ්‍යාස දීම වැදගත්. මේ මූලිත මට්ටමේ ගැටඵ ටිකක්
විෂුවල් බේසික් උගන්වන අයටත් ඉගෙන ගන්න අයටත් වැදගත් වේවි.
1) වෘත්තයක අරය ලබා දුන් විට එම වෘත්තයෙ පරිධිය හා වර්ගඵලය සෙවීමටත් එම පරිධිය හා වර්ගඵලයDisplay කිරීමටත් program එකක් ලියන්න. උපදෙස් - වෘත්තයෙ අරය ඇතුලු කිරීම සදහා Text boxඑකක් ද පරිධිය හා වර්ගඵලය සෙවීම‍ට Command button 2 ක් ද පරිධිය හා වර්ගඵලය Display කිරීම සදහා label 2 ක් ද ඇතුලත් කරන්න. මෙහිදී Command button 2 සදහා‍ වෙන වෙනම Sub procedure 2 ක් ලිවිය යුතු අතර අරය (Radius) sub procedure 2 දීම භාවිතා කල හැකි වන පරිදිGlobal variable එකක් ලෙස Declare කරන්න.
වැඩිදුර වෙනස් කිරීම්: අරය සදහා සෘණ අගයයන් මෙන්ම 1000 ට වැඩි අගයයන් ඇතුල් කල විට“Please enter a radius between 0 and 1000” යන පණිවුඩය Display කිරීමට ඉහත program එක වැඩි දියුණු කරන්න.
2) වෘත්තයක පරිධිය , වර්ගඵලය සෙවීමට Form එකක් හා සෘජුකේණාස්‍රයක පරිමිතිය, වර්ගඵලය සෙවීමට තවත් form එකක් වන පරිදි FORM 3 කින් සමන්විත වන project එකක් සකස් කරන්න. මෙහි දී මුලින් ම ලැබිය යුතු form එක තුල button 2 ඇතුලත් කර එම buttons Circle සහ Rectangleවශයෙන් නම් කරන්න. එම එක් එක් button එකක් මත click කළ විට අදාල Form load විය යුතුය.
3) වාර්ෂික සුඵ පොලිය ගණනය කිරීමට program එකක් ලියන්න . මෙහිදී ණය මුදල , සුඵ පොලී අනුපාතිකය, සහ ණය මුදල ගෙවා අවසන් වන කාලය input ලෙස ලබා දිය යුතුය. පොළිය හා මුඵ මුදලCalculate කිරීමට BUTTON 2ක් ඇතුලත් කරන්න.
4) Form එක Load වීමෙදී form එක මත ඇති list box එකකට color, picture, text යන වචන addකිරීමට code ලියන්න. Program එක run කිරීමේදී List box එකෙන් color යන්න click කළ විට formඑකෙහි back color එක රතු පාට බවට පත්විය යුතු අතර picture යන්න click කරන විට picture එකක්display වීමත් Text යන්න click කළ විට text එකක් display වීමත් සිදුවිය යුතුය. මේ සදහා programඑකක් සකසන්න.
5) } A program is required to calculate the circumference of a circle, Area of a circle ,volume of a cylinderCombo box එකක් සදහා add item ක්‍රමය භාවිතා කර form load වීමේදී“circumference of a circle”, Area of a circle” , “volume of a cylinder” යන වගන්ති ඇතුල් කරන්න. Program එක run වීමේදී combo box එකෙන් අවශ්‍ය ගණනය කිරීම තේරූ විට එම ගණනය කිරීම සදහා අවශ්‍ය Input ලබා ගැනීමට අදාල ‍text box පමණක් display විය යුතුය. (මේ සදහාvisible= true ක්‍රමය යොදාගන්න) එම text box හරහා අදාල input ලබා දී calculate නැමැති buttonඑක Click කළ විට අදාල පිළිතුර display කිරීමට Program එක ලියන්න.
6) Option button 3 ක් යොදා ඒවායේ caption , “first 10 numbers” ,”first 10 odd numbers” ,”first 10 even numbers” ලෙස වෙනස් කරන්න. Program එක Run වීමේදී අවශ්‍ය option එකක් මත clickකළ පසු එයට අදාල ප්‍රතිඵලය Display වීමට program ලියන්න. (මෙහිදී එක් එක් option සදහා For next loop භාවිතා කරන්න)
7) Do while loop එක භාවිතා කර user ගේ නම විමසා සිටීම‍ට program එකක් සකසන්න. (මෙහිදීinput box භිවිතා කරන්න.) මෙම program එක RUN වීම අවසන් විය යුත්තේ USER විසින් inputකරන නම වෙනුවට “crc” යන අකුරු 3 ඇතුල් කළ විට පමණි

OL ICT competency 13 -develop multimedia contents

Competency 13 for OL ICT -Develops Multimedia contents to express ideas effectively
This is a little guide to Create a  2D animation   As a sub competency under this competency
අ පොස සාපෙළ තොරතුරු තාක්ෂණ විෂයයේ 13 වන නිපුනතාවය - ඵලදායක ලෙස අදහස් ප්‍රකාශ කිරීම සදහා බහුමාධ්‍ය සන්ධාරයන් සකස් කරයි-

 මෙම නිපුනතාවය යටතේ එක් උප නිපුනතාවයක් ලෙස ද්විමාන සජීවීකරණය සදහා Flash මෘදුකාංගය ඇසුරෙන් සජීවීකරණයන් සිදු කරන අයුරු හැදෑරිය යුතුය. මේ සදහා කුඩා මගපෙන්වීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණය. Flash ඇසුරෙන් සිදු කළ හැකි මූලික සජීවිකරණයන් 3 ක් ‍ඇත.

  1.  Frame by Frame Animation 
  2.  Shape Tween 
  3.  Motion Tween 
Tweend Animation යනු මොනවාද? 
මෘදුකාංගයේ timeline තීරුව අනුව වස්තුවක ස්ථාන 2 ක පිහිටීම් හා ස්වරෑප අතර (between) වෙනස ඇනිමේට් කිරීම tweened animation ලෙස හැදින්වේ. Shape tween හා Motion tween යනු එම Tween Animation හි අකාර 2කි.
  Shape Tween නිර්මාණය කිරීම 
මේ සදහා පහත පියවර අනුගමනය කිරීම මගින් ඔබට Shape Tween නිර්මාණය කිරීමට‍ හැකිවේ.


1) පළමුව කැමති නමකින් ලේයර් එකක් නම් කරගන්න. මෙහිදී අප Fish යනුවෙන් ලේයර් එකක් නම් කර ඇත. ඉන් පසු එම ලේයර් ‍එකෙහි පළමු Frame එක මත කැමති ආකාරයක හැඩයක් (Shape) ඇද ගන්න. අප මෙහිදී වෘත්තාකාර හැඩයක් ඇද එයට Gradient වර්ගයේ පිරවුමක් ලබා දී ඇත.

2) දැන් 80 වැනි Frame එකට ගොස් එහිදී keyFrame එකක් Inseart කරන්න. මේ සදහා F6 key එක තද කිරීම හෝ අදාල Frame එකෙහි Right Click කල විට ලැබෙන මෙනු එකෙන් Insert Key Frame යන්න තේරීම සිදු කරන්න.එවිට පලමු Frame එකෙහිදී ඔබ නිර්මාණය කළ හැඩයම මෙම Frame එක‍ටද ලැබේ.

 3) දැන් Frame 80 ඇති හැඩය කැමැති හැඩයක් දක්වා වෙනස් කරන්න. මෙහිදී අප විසින් රූපයේ දක්වා ඇති හැඩය ලැබෙන තෙක් එය වෙනස් කර ඇත. මේ සදහා selection tool එක භාවිතා කරන ලදී.



4) දැන් Frame1 හා Frame 80 අතර මැද ඕනෑම ස්ථානයක ක්ලික් කර properties කවුඵවෙහි Tween යන ස්ථානය තුලින් Shape යන්න තෝරන්න. දැන් Shape tween animation එක සකසා අවසානය. Control -->Test Movie මගින් එය ක්‍රියාත්මක කරන්න

Saturday, September 3, 2011

The function of a combination of gates
 Logic gates can be combined to produce more complex functions.Truth tables
can be used to clarify the function of the combined gates, The following Flash movie provide the exercise to construct the truth table for a combined gate circuit. Please read the instructions and fill the cages where necessary and click next.
  සංයුක්ත (එකිනෙක සම්බන්ධිත) ද්වාරයක ක්‍රියාවලිය 
තාර්කික ද්වාර කිහිපයක් සංයුක්ත කිරීමෙන් වඩාත් සංකීර්ණ ක්‍රියාදාමයක් පෙන්නුම් කරන සංයුක්ත ද්වාර සැකසිය හැකිය. මෙම සංයුක්ත ද්වාරයක ආදානය හා ප්‍රතිදානයට අදාල තාර්කික ශ්‍රිතය (තර්ක ප්‍රකාශනය) ගොඩනගමින් එයට අදාල සත්‍යාතා වගුව පිරවීමට පුරුදු වීම සදහා මේ සමග ඉදිරිපත් කරන අභ්‍යාසය භාවිතා කළ හැකිය.
එම පියවරට අනුව එක් එක් ද්වාරයේ ප්‍රතිදානය සදහා අදාල ශ්‍රිතය ඉදිරිපත් කර ඇති අතර
 එහි සපයා ඇති උපදෙස් අනුව අවශ්‍ය අවස්ථාවලදී සත්‍යතා වගුවේ හිස්තැන් පුරවමින් Next බොත්තම තද කරන්න.

Thursday, September 1, 2011

AL ICT competency 1.4 Classification

Download the simple game like drag and drop activity for understand the classification of computer software ,hardware ,liveware. The screen shot will show how it looks like.
උ පෙළ තොරතුරු තාක්ෂණය -1.4 නිපුනතාවය - දෘඩාංග මෘදුකාංග වර්ගීකරණය
මේ සමග සපයා ඇති ගොනුව ඩවුන්ලෝඩ් කර ගන්න. එමගින් දෘඩාංග මෘදුකාංග වර්ගීකරණය සදහා සරල ක්‍රියාකාරකමක් ලබාදේ. එහි ඇත්තේ නිවැරදි රුපය මත ක්ලික් කර අදාල කොටුවට ඇද දැමීමේ ක්‍රියාකාරකමකි. එහි තිර සටහනක් පහත දැ‍ක්වේ.

web page

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers