Tuesday, January 14, 2014

7.4 පරිගණක භාෂාවන් භාවිතෙයන් ලියන ලද ක්‍රමලේඛ පරිවර්ථනය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය විමර්ශනය කිරීම



පරිගණකයට උපදෙස් ලබා දිය යුත්තේ කුමන භාෂාවකින්ද
  උපදෙස් ලබා දිය යුත්තේ විදුලියේ ස්වරෑප 2 ඇසුරිනි (on ,off) මෙම  on සහ Off යන්ත්‍ර භාෂාව ලෙස ( machine Language) හැදින්වේ. මෙම භාෂාව හැසිරවීමේ පහසුව සදහා 1 හා 0 ලෙස භාවිතා කරනු ලබයි. (On ,Off)  එනිසා 00110010 00110010 යන්න මගින් යන්ත්‍රය සදහා විධානයක් (machine code) දැක්විය හැකිය. මේවා මධ්‍ය සැකසුම් ඒකකයට සෘජුවම තේරුම් ගත හැකි විධාන (Machine code) සමූහයක් වන නමුත්   මිනිසාට පහසුවෙන් හැසිරවීමට නොහැකිය. මෙම යන්ත්‍ර කේත භාවිතා කර පරිගණකයට උපදෙස් ලිවීම අපහසු හෙයින් ඉගෙන ගැනීම ත් භාවිතා කිරීමත් පහසු වන ආකාරයට සැකසූ ඉහල මට්ටමේ පරිගණක භාෂා නිර්මාණය කර ඇත මේවා  high level computer languages ලෙස හැඳින්වේ.
ප්‍රභව ක්‍රමලේඛ (Source program/source code)
පරිගණක ක්‍රමලේඛ භාෂාවක් භාවිතා කර ලියන ලද උපදෙස් මාලාවක්  ප්‍රභව ක්‍රමලේඛය ක් ලෙස හඳුන්වයි. ප්‍රභව ක්‍රමලේඛය පරිගණකය තුල සෘජු ව ම  ක්‍රියාත්මක කල නොහැක.  යම් ගැටළුව ක් විසඳීමේ දී  මිනිසාට වඩාත් පහසු විචල්‍ය නාම භාවිතා කරමින් ඉහල මට්ටමේ පරිගණක භාෂා භාවිතා කර මෙම ප්‍රභව ක්‍රමලේඛය  ලියනු ලැබේ.
විෂය ක්‍රමලේඛ (Object programs)
ඉහල මට්ටමේ පරිගණ භාෂාවක් භාවිතා කර මිනිසාට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන සේ ලියු ප්‍රභව ක්‍රමලේඛය එක් වරම පරිගණකයට තේරුම් ගත නොහැක. එම භාෂාව මගින් සපයන පහසුකම් භාවිතයෙන්ම එම ප්‍රභව කේතය පරිගණකය තුළ ධාවනය කිරීම සිදු කළ හැකිය. එනම් අදාල පරිගණක භාෂාව විසින්ම ප්‍රභව ක්‍රමලේඛය යන්ත්‍රයට හදුනාගත හැකි උපදෙස් මාලාවක් බවට පරිවර්තනය කරනු ලබයි. එසේ පරිවර්ථනය කරන ලද උපදෙස් මාලාව විෂය ක්‍රමලේඛය ලෙස හඳුන්වයි. විෂය ක්‍රමලේඛය තුළ අඩංගු වන්නේ යන්ත්‍ර කේත (machine codes) වන බැවින් ඒවා මිනිසා ට තේරුම් ගත නොහැක.
ක්‍රමලේඛ පරිවර්තකයන් (program translators)
ප්‍රභව ක්‍රමලේඛය, විෂය ක්‍රමලේඛය බවට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තක වැඩසටහන් යොදා ගත යුතුය මේවා ක්‍රමලේඛ පරිවර්තකයන් (program translators) ලෙස හ ඳුන්වයි. 

පරිවර්තක වැඩසටහන් ප්‍රධාන ආකාර 2 කි. 1 අර්ථ වින්‍යාසක (Interpreters)  2 සම්පාදක ( compilers )
1 අර්ථ වින්‍යාසක (Interpreters)  
පරිවර්ථක මෘදුකාංගයකි. මෙය ක්‍රියාත්මක වීමේදී ඉහල මට්ටමේ පරිගණක භාෂාවෙන් ලියන ලද උපදෙස් සමූහය වරකට එක් පේලියක් බැගින් යන්ත්‍ර භාෂාවට (patterns of bits)හරවයි. Interpreter මගින් විෂය  ක්‍රමලේඛයක් (object Program) සකස් කරන්නේ නැත Interpreter විසින් සෘජුවම එක් එක් ප්‍රභව ක්‍රමලේඛ වගන්තිය බැගින් යන්ත්‍ර භාෂාවට හැරවීම හෝ අතරමැදි කේත සමූහයකට හරවා එම අතරමැදි කේත වඩාත් කාර්යක්ෂම ලෙස යන්ත්‍රභාෂාවට හැරවීම සිදු කරයි.

Interpreter භාවිතා කර න භාෂා සඳහා උදාහරණ
Perl, Python, MATLAB,  Ruby   Smalltalk, BASIC, Java
ප්‍රභව කේත සෘජුව ක්‍රියාත්මක කරන Interpreters වලට අමතරව  ප්‍රභව කේත අතර මැදි කේත බවට හරවන interpreters ද තිබේ.


.

සම්පාදක(Compilers )
මෙයද පරිවර්තක මෘදුකාංගයක් වන අතර ඉහල මට්ටමේ පරිගණක භාෂාවක් භාවිතා කර ලියා ඇති උපදෙස් මාලාවක්  එක වරම යන්ත්‍ර භාෂාවට හරවයි.  Mark 1 පරිගණකය සදහා Grace Hopper මහත්මිය විසින් ලොව ප්‍රථම සම්පාදක වැඩසටහන ලියන ලදී. මේ මගින්   ඉංග්‍රීසි භාෂා‍වේ වචන  වලින් සමන්විත පරිගණක භාෂාවක්  පරිගණක යන්ත්‍ර භාෂාවකට හැරවීම සිදු කළ හැකිවිය . එය   COBOL ලෙස නම් කෙරිණ.
සම්පාදකය මගින් Executable program එකක් සැකසීම සිදු කරන අතර Interpreter මගින් සිදු කරන කාර්යයට වඩා වේගවත්ව compiler මගින් සකස් කරන Executable program එක ක්‍රියාත්මක වේ.
ලියන ලද කේත සමූහයක් Compile කිරීමේදී එම කේත සමූහයේ ව්‍යාකරණ දෝෂ (syntax errors ) තිබේ නම් ඒවා පෙන්නුම් කරයි. මේවා compile time errors ලෙස හඳුන්වයි.
අවසානයේ දෝෂ රහිත source program එක compile  කිරීමෙන් අනතුරුව ඕනෑම මොහොතක ක්‍රියාත්මක කළ හැකි executable file එකක් ලැබේ.



ඊලග ලිපියෙන් Byte code සහ Binary code යනු මොනවාදැයි බලමු

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers