Sunday, October 20, 2013

නිපුනතාවය 7-2 .ගැටළු විසඳීම සඳහා මුදුන් බිමි ක්‍රමය(TOP DOWN) / පියවරාකාර ප්‍රතිපහදු ක්‍රමවේදය(step wise refinement) භාවිතා කිරීම

7.2 .ගැටළු විසඳීම සඳහා මුදුන් බිමි ක්‍රමය(TOP DOWN) / පියවරාකාර  ප්‍රතිපහදු ක්‍රමවේදය(step wise refinement) භාවිතා කිරීම
මොඩියුලකරණය (modularization)
ඉතා සංකීර්ණ ගැටළු(උදා බදු ගණනය කිරීමේ පරිගණක වැඩ සටහනක් , ATM යන්‍ත්‍රය සඳහා වැඩසටහනක් , වදන් සැකසීමේ වැඩසටහනක් ආදිය) විසඳීම සඳහා පරිගණක ක්‍රමලේඛ නිර්මාණය කිරීම අතිශයින් සංකීර්ණ කටයුත්තකි. එබැවින් එම සංකීර්ණ ගැටළුව  පහසුවෙන් තේරුම් ගැනීමට හැකි කුඩා කොටස් වලට බෙදා ගනු ලැබේ. මේවා මොඩියුල modules, procedures, sub tasks ලෙස හැඳින්වේ. මේ සඳහා මුදුන් බිම් ක්‍රමය හෝ පියවරාකාර  ප්‍රතිපහදු ක්‍රමවේදය(step wise refinement) භාවිතා කරනු ලැබේ.
මුදුන් බිම් ක්‍රමයක් යනු කුමක්ද
මුදුන් බිම් ක්‍රමයේදී, ප්‍රධාන ගැටළුව , පහසුවෙන් තේරුම් ගත හැකි උප මොඩියුල රැසකට  බෙදනු ලැබේ. එක් එක් උප මොඩියුලද තව තවත් ‍අනු කාර්යයන් වලට කැඩීම මගින් ඒවා  පහසුවෙන් පරිගණක උපදෙස් බවට පත් කල හැකි වනු ඇත.  මෙම විසඳුම සැළසුම් කිරීම  ක්‍රමයේදී ඉහල සිට පහලට සිදු කරන බැවින් ඉහල මට්ටමේ ක්‍රියාවලීන් (functions)මුලින් සැළසුම් කරන අතර පහල මට්ටමේ ක්‍රියාදාමයන් සිදු කරන්නේ  කෙසේද යන්න ගැන අවධානය යොමු කරන්නේ එම මට්ටමට ලගා වූ පසුවය
මුදුන් බිම් ක්‍රමයේ වාසි




                                                                                                                                                           
පියවරාකාර  ප්‍රතිපහදු ක්‍රමවේදය(step wise refinement)
මෙය පහත දැක්වෙන පරිදි පියවර වලින් දැක්විය හැකිය.
·         සංකීර්ණ ගැටළුව වඩාත් සරල ගැටළු හෝ පියවර වලට වෙන් කිරීම
·         එම  සරල පියවර සමූහය විසඳීම සඳහා ඇල්ගොරිතම නිර්මාණය කිරීම
·         එම ඇල්ගොරිතම වෙනුවට තවත් විස්තරාත්මක උපදෙස් අන්තර්ගත කිරීම / මෙය පිරිපහදුව (refinement) ලෙස හැඳින්වේ. මෙම ක්‍රමය පොදු ගැටළුවේ සිට සුවිශේෂී general to the specific දක්වා  සිදු කරනු ලබන මුදුන් බිම් විසදුම් ක්‍රමයකි.
පියවරාකාර  ප්‍රතිපහදු ක්‍රමවේදය සඳහා උදාහරණ
ෙපාදු උදාහරණයක් අැසුරින් ෙෙමය ෙෙත්රුම් ගනිමු
මූලික ඇල්ගොරිතමය
1.තේ කොළ පෝච්චියට දමන්න .
2. වතුර උනු කරන්න.
3  උනු කරන ලද වතුර පෝච්චියට දමන්න
4විනාඩි 05 ක් සිටින්න.


කෝප්ප වලට තේ වත් කරන්න.

මෙම මූලික ඇල්ගොරිතමයේ 1.තේ කොළ පෝච්චියට දමන්න . යන වගන්තිය පහත පරිදි refine කල හැක
1.1   තේ කොළ භාජනය විවෘත කරන්න
1.2   තේ කොළ හැන්දක් ගන්න
1.3   එය පෝච්චියට දමන්න
1.4   තේ කොළ භාජනය වසන්න

ගෙදර දොර කටයුතු සඳහා උදව් කර ගත හැකි රොබෝ වරයෙක් සෑදීමේදී ඔහුට තේ කෝප්පයක් පිළියෙළ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දිය යුතුව ඇතැයි සිතමු. මේ සඳහා මූලික ඇල්ගොරිතමය ලියා එහි සෑම පියවරක්ම ප්‍රතිපහදු (refine) කරන්න.

මේ ආකාරයට පහත වගුව උපයෝගී කරගනිමින් සුදුසු පරිදි එක් එක් පියවර refine කරන්න.




මූලික ඇල්ගොරිතමය
පළමු refine කිරීම
දෙවන refine කිරීම
1.තේ කොළ පෝච්චියට දමන්න .

1.1තේ‍ කොළ ඇති පෙට්ටිය විවර කරන්න
1.1.1


1.1.2

1.2


1.3


1.4
1.4.1


1.4.2
2 වතුර උනු කරන්න.
2.1
2.1.1


2.1.2


2.1.3


2.1.4

2.2


2.3
2.3.1

2.4

3 උනු කරන ලද වතුර පෝච්චියට දමන්න
3.1

4විනාඩි 05 ක් සිටින්න.


5 කෝප්ප වලට තේ වත් කරන්න.

5.1

තේකොළ භාජනයේ තේ කොළ අවසන් වී ඇතිනවම් 1.1.1 හි සඳහන් කළ උපදේශය ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු වට විසඳුම කුමක්ද ?


ආකෘති සටහන් (structure charts)
ප්‍රධාන ගැටළුව වඩාත් පහසුවෙන් කළමණාකරණය කළ හැකි කුඩා කොටස් වලට බෙදීමෙන් ඒවා වෙන වෙනම මොඩියුල වශයෙන් දැක්වූ විට ඒවා අතර සම්බන්ධය පෙන්වීමට  යොදා ගන්නා සටහනකි. සෘජු කෝණාශ්‍ර හැඩයකින් මොඩියුලයක් පෙන්නුම් කරයි. මේ අතර නැවත නැවත යොදා ගත හැකි මොඩියුල ද දැක්විය හැකිය. මෙය ගැලීම් සටහනක් නොවන අතර ප්‍රධාන ගැටළුව කොටස් වලට බෙදෙන්නේ කෙසේද යන්න පෙන්නුම් කරන සටහනකි.
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           






Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers