Saturday, April 6, 2013

Competency 01. තොරතුරු හා සන්නිවේදනතාක්ෂණයේ මූලික සංකල්ප,වර්තමාන දැනුම් මූලික සමාජයතුළ යොදා ගන්නා ආකාරය,එහි භූමිකාව හා උචිත උපයෝගීතාව සමග ගවේෂණයකරයි.

Advance Level ICT Competency 01-
1.1 තොරතුරු වල මූලික තැනුම් ඒකක හා ගති ලක්ෂණ

දත්ත (Data)
ද්‍රව්‍ය ,ස්ථාන, ප්‍රද්ගලයින්,සිදුවීම්,ක්‍රියාවන්  යනාදී ඕනෑම දෙයක් සම්බන්ධ මූලික කරුණ්‍ර වල එකතුවකි.එසේම ඒවා අවිධිමත් ,සංවිධානය නොකළ ,කිසියම් සැකසීමකට භාජනය නොකළ , යම් තේරුමක් ලබා නොදෙන අයිතමයන්වේ.
උදා පෙරේරා මයා කාර්යාලීය ‍සේවකයෙකි. පෙරේ‍රා මයා සම්බන්ධ දත්ත මොනවාද  
ඔහුගේ සම්පූර්ණ නම , උපන් දිනය , සේවයට බැඳුනු දිනය , දුරකථන අංකය යන ආකාරයට දත්ත  පවතින බව පෙනී යයි. 
ශල්‍ය වෛද්‍ය වරයෙකුට තමන්න විසින් සිදු කරන ශල්‍ය කර්ම පිළිබඳ දත්ත ගබඩා කර තැබීමට අවශ්‍ය වේඑසේ නම් ශල්‍ය කර්මයක් සම්බන්ධයෙන් පැවතිය හැති දත්ත මොනවාද?
සිදු කළ දිනය ,ශල්‍ය කර්මය සදහා ගතවූ ‍කාලය , ශල්‍ය කර්මයේ ඡායාරෑපයක් හෝ වී‍ඩියෝවක් 


    10 බී පන්තියේ සිසුන් ගණිත විෂයය සදහා ලබා ඇති ලකුණු :- අමල් 45, නිමල් 56, ජයන්ත 43 ,සුජානි  90 ආදිවශයෙන්
    රුක්ෂා ලී බඩු සමාගමේ විකිණුම් සම්බන්ධ ඉන්වොයිසියක  අඩංගු මූලික කරුණු සමහරක් මෙසේ දැක්විය හැකිය. අංකය :345 ,දිනය :20120521 ,මුදල රු 43200.00  එසේම වසරේ මුල් කාර්තුව තුළ එම සමාගම විසින් මෙවැනි ඉන්වොයිස් 4550 ක් නිකුත් කර ඇත.  මේවා තුළ ඉහත සදහන් කල ආකරයේ මූලික කරුණු විශාල ප්‍රමාණයක් එක් රැස් වී ඇති අතර ඒවා සැකසීමකට ලක් නොකර ප්‍රයෝජනයකට ගත නොහැක. උදා එක් එක් සේවකයා විසින් සිදු කර ඇති අලෙවි කිරීම් ප්‍රමාණය සෙවීමට ඉහත දත්ත යම් සැකසීමකට ලක් කළ යුතු වේ.



දත්ත පැවැතිය හැකි ආකාර
01ලිඛිත සටහන් (Text)
 අක්‍ෂර - A,B , ව,ක,අ , සධීර ,රසික ,අංක 21 රත්නපුර
 සංඛ්‍යා - 1,3, 85, පියාගේ වයස -56, උස -5’7”
 විරාම ලක්‍ෂණ - , : ” ” ?
 සංකේත - @ ,# ,%, !
02දෘෂ්‍ය (visual)
03ශ‍්‍රව්‍ය  (Audio)



දත්ත වල ගති ලක්ෂණ(characteristics)
·         සැකසීමකට භාජනය කර නැත (unprocessed)
·         සංවිධානය කර නැත (unorganized)
·         එකිනෙකටසම්බන්ධ නොවූ කොටස් වශයෙන් ඇත
·         තීරණ ගැනීම සදහා ප්‍රමානවත් නොවේ.
දත්ත වල ස්වභාවය
1 දත්ත එක්රැස් කරගෙන ගබඩා කළ හැකිය
2    දත්ත ගබඩා කර ඇති මාධ්‍යකින්  නැවත ලබාගත හැක
3    සන්නිවේදනය කළ හැක
4    සැකසීමට හැක
 දත්ත වර්ගීකරණය

දත්තය
ප්‍රමාණාත්මකදත්ත
ගුණාත්මක දත්ත
රූපවාහිනි යන්ත්‍රයේ මිළ
ü   

නිහාල් මයාට ඇත්තේ රතු පැහැති කාරයකි


නිවස ඉදි කිරීමට ගිය වියදම රු ලක්ෂ 11කි


ඉඩමේ හැඩය සෘජු  කෝණාශ්‍රකාර වේ.





දත්ත සංචාලනය (Data manipulation)
දත්ත වල ස්වරූපය වෙනස් කිරීම හෝ පැරණි දත්ත වලින් නව දත්ත නිර්මාණය කිරීම දත්ත සංචාලනය ලෙස හැඳින්වේ. මෙහිදී එකතු කිරීම් ආදී ගණිතමය මෙහෙයුම් (Arithmetic operations) , ආරෝහණ හෝ අවරෝහන ලෙස සැකසීම් (sorting)වැනි ක්‍රියාවන් යොදා ගනී.ඉලෙක්ට්‍රොනික පැතුරුම් පත් වැඩසටහනක් මගින් මෙවැනි කාර්යයන් පහසුවෙන් සිදු කළ හැකිය.
තොරතුරු (information)
ලබන්නාට යම් අර්ථයක් ගෙන දෙන පරිදි සකස් කරන ලද දත්ත තොරතුරු නමින් හැදින්වේ.
දත්ත‍ හා තොරතුරු හදුනා ගැනීම සදහා අදාල තීරුවේ සලකුණ යොදන්න.
අංක
කාරණය/ප්‍රකාශය
දත්ත (Data)
තොරතුරු
(Information)
1
පන්තියේ ළමුන් සංඛ්‍යාව


2
රත්නපුර නග‍රයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය


3
දුරකථන අංකයක අවසන් අංක 4


4
ගණිතය සදහා පන්තියේ ළමුන්ගේ ලකුණු


5
කාලගුණ වාර්තාව


6
කාල සටහන


7
දිනක් තුළ පුද්ගලයෙක් වැඩ කර ඇති අමතර පැය ගණන


8
පළාත් සභා ඡන්දයේදී එක් පිලක් සදහා තේරී පත්වූ මන්ත්‍රී ලැයිස්තුව


9
අද දින සාප්පුවක විකිණු භාණ්ඩවල ලාභය


10
ගණිතය විෂයය සදහා පන්තියේ ලකුණු වල සාමාන්‍ය අග‍ය


11
සිසුන්ගේ බර දැක්වෙන සංඛ්‍යා සමුහයක්


12
දෘඩ තැටියක ධාරිතාවය ගිගා බයිට් 3 කි


13
සමන්ගේ වයස අවුරුදු 15


14
රෝගියෙකුගේ උණ අඩු වැඩි වීම් දක්වන ප්‍රස්ථාර සටහන


15
සේවකයෙකුගේ මාසික වැටුප් ලේඛනය


16
භාණ්ඩයකට ලැබෙන වට්ටම 5% කි.


17
වෘත්තයත අරය සෙ මී 7 කි.


18
වෘත්තා‍කාර ධාවන පථයේ වටේ දිග


19
පාසලක පිරිමි හා ගැහැණු සිසුන්ගේ ප්‍රතිශතය දක්වන ප්‍රස්ථාරය


20
ගණිතය විෂය සදහා 10 ශ්‍රේණියේ සිසුන් ලබා ගත් උපරිම ලකුණ


21
පුස්තකාලය විවෘතව ඇති දින


22
යෙදවුම් මෘදුකාංග නැමැති පොත පුස්තකාලයෙන් බැහැර ගෙන ගිය පොතක්ද ? නැතිද ? යන්න


23
උණ රෝගියෙකුගේ නළල‍ට පැයකට වතාවක් අත තබා උණ බැලීම


24
පොත් සාප්පුවක ඇති පොත් වල වැඩිම මි‍ලේ සිට අඩුම මිළ දක්වා තෝරා සංවිධානය කරන ලද පොත් ලැයිස්තුවක්


25
නිවසක් ඉදි කිරීම සදහා අදාල වියදම් ඇස්තමේන්තුව





දත්ත හා තොරතුරු අතර ‍වෙනස උදාරණයකින්
            XYZ නැමැති කිරි සමාගමේ කො‍ටසක් පසුගිය දින 10 තුල කො‍ටස්  වෙළද පොලේ අලෙවි වු මිළ සම්බන්ධව එකතු කල දත්ත මෙසේ විය.
දිනය
1
2
3
4
5
6
7
8
9
10
මිළ
25.00
29.00
38.00
54.00
36.00
45.00
25.00
18.00
45.00
36.00

එහි ප්‍රස්ථාරික නිරෑපණය තොරතුරක් වේ.







තොරතුරු නිර්මාණය කිරීම
පුද්‍ගලයෙකුගේ වැටුප ගණනය කිරීම හා සම්බන්ධ දත්ත සමූහයක් පහත පරිදි වේ.
පුද්ගලයෙකුගේ මූලික වැටුප - 20000.00,මසක් තුල සේවය කර ඇති  අතිකාල පැය ගණන - 28
අතිකාල පැයකට ගෙවන මුදල -රු 250 , අඩු කිරීම්             - රු 2200

වැටුප = මූලික වැටුප  +(අතිකාල පැය ගණන * පැයකට ගෙවන මුදල) - අඩුකිරීම්

එම පුද්ගලයාගේ වැටුප සැකසීමේ ක්‍රියාවලිය මෙසේ දැක්විය හැකිය (මෙය ආයතනය අනුව  වෙනස්‍ වේ.)










තොරතුරු වල ගුණාත්මක බව (Qualities of Information)
අදාලබව (Relevance)
යම් කාර්යයක් ඵලදායි ලෙස ඉටු කිරීමට නම් එම කාර්යයට ගැ‍ලපෙන/ අදාල තොරතුරු තිබිය යුතුය.
කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ටකාලගුණ අනාවැකිය, කෘෂි කාර්මික නිශ්පාදන වල මිළ ගණන්,
බීජ පිළිබද තොරතුරු, කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබද තොරතුරු අදාල වුවත් වෛද්‍යවරයාට එම ‍තොරතුරු අදාල
නොවේ.

ප්‍රමාණවත්බව (sufficiency)
යම් කාර්යක් සඳහා සපයා ඇති තොරතුරු එම කාර්යසම්පූර්ණ කිරීම සඳහා ප‍්‍රමාණවත් විය යුතුය.
‍ශළ්‍ය කමීයක් සිදු කිරීම සඳහා රෝගියාගේ රුධිර ගත සීනි ප්‍රමාණයේ අගය 98 කි යන තොරතුර  ‍ප්‍රමාණවත් නොවිය හැකිය.

විස්වාසනීයත්වය(Reliability)
යම් කාර්යයක් සඳහා සපයා ඇති තොරතුරු විශ්වාසදායි මාර්ගයක්( proper channel) ඔ‍ස්සේ ලබා ගෙන තිබිය යුතුය  භාවිතාකරන්නාට එවායේ නිවැරදි බව විශ්වාස කලහැකි විය යුතුය.
තේරුම්ගතහැකි බව (Understandable)
ගුණාත්මක තොරතුරක් නම් එය භාවිතා කරන්නාට ඉතා පහසුවෙන් තේරුම් ගතහැකි විය යුතුය.
ලබාගතහැකි වීම/තොරතුරු වලට ලඟාවියහැකි බව (Accessibility)
තොරතුරු  අදාල පුද්ගලයාට පහසුවන් ලබාගතහැකි විය යුතුය.
කාලීනබව (Timeliness)
අතීතයේදී වැදගත්ව තිබූ යම් තොරතුරක් වර්තමානය වන විට  ප්‍රයෝජනවත් දෙයක් නොවන්නට පුඵවන. ආයතනයක මිළදී ගැනීම් සිදු කිරීමේදී වැදගත් වන්නේ භාණ්ඩ සම්බන්ධ වර්ථමාන මිළ ගණන්  ය. එනම් භාණ්ඩ වල මිළ දර්ශනය නැමැති  තොරතුර කාලීන විය යුතුය.
සම්ර්‍පූර්ණ බව (completeness)
පරිගණක මිලදී ගැනී‍ම සදහා මිළ ගනන් කැඳවීමේදී යම් වෙළද ආයතනයක් විසින් ඉදිරිපත් කරනු ලබන  පිරිවිතර ලැයිස්තුව තුළ වගකීම් කාලය අඩංගු කර නැති නම් (සම්පූර්ණ තොරතුරක් නොවන හෙයින්) එය සලකා නොබැලේ.‍
තොරතුරු වල අගය (value of Information)
තොරතුරක වටිනාකම එහි අදාලත්වය මත රදා පවතී. 
කාලය ගත වීමත් සමඟ තොරතුරුවල අගය සීග්‍රයෙන් පහත වැටේ.
තොරතුරක වටිනාකම ඉහලම අගයක් ගනු ලබන්නේ කාලය 0 ලෙස සැලකීමේදීය.එනම් තොරතුර නිර්මාණය කරනු ලබන මොහොතේදීමය. මෙය “The golden Rule of Information”ලෙස හැඳින්වේ. Highest value of information occurs at time zero.

දැනුම (Knowledge )
අධ්‍යාපනය මගින්  හෝ අත්දැකීම් මගින් යමෙකු ලබා ගන්නා කුසලතාවයන් සහ විශේෂඥතා දැනුම ලෙස හැඳින්වේ. මෙම දැනුම යම් විෂයයක් ප්‍රයෝගිකව භාවිතා කිරීමේදී සහ න්‍යායාත්මකව තේරුම් ගැනීමේදී මගින් සිතේ තැන්පත් වේ.










සාම්ප්‍රදායික ක්‍රම භාවිතයෙන් දත්ත හා තොරතුරු මහා පරිමාණයෙන් සංචාලනය වන විට සිදු වන පසු බැසීම්
මන්දගාමී බව  (Slowness)
දත්ත විශාල ප්‍රමාණයක් එක් රැස් කිරීමේදී පෑන් කඩදාසි භාවිතා කර අතින් සිදු කිරීම මගින් ඒ සඳහා ගතවන කාලය අතිවිශාලය. ඒවා තැන්පත් කර තැබීමට තාක්ෂණික උපාංග නොමැති වූ බැවින් එම දත්ත සුරක්ෂිත ව තැබීමටද වැඩි කාලයක් වැය විය. නූතනයේ දත්ත එක් රැස් කිරීමට ටැබ්ලට් පරිගණක , තීරු කේත කියවන (bar code reader)වැනි උපකරණ ද පරිගණක ආධාරයෙන් එවේලේම සුරක්ෂිත කර තැබීමද සිදු කළ හැකිය. තොරතුරු නිර්මාණය කිරීමේදී දත්ත වර්ග කිරීම (grouping) දත්ත නැවත සොයාගැනිම (searching) දත්තආරෝහණ (ascending) හෝ අවරෝහණ (descending)  පිළිවෙලට සැකසීම වැනි ක‍්‍රියාකාරකම්  සිදු කළ යුතු වේ. එසේම දත්ත මත ගණිතානුකූල මෙහෙයුම් (mathematical operations)සිදු කිරීමද කල යුතුය.  මිනිසුන්විසින් අතින්  ඉහත කී ක්‍රියාවන් සිදු කිරීමේදී විශාල කාලයක් ගත වන බව ඉතා පැහැදිලිය. එකම දත්ත සමුදායක් භාවිතා කර විවිධ ආකාරයට තොරතුරු නිර්මාණය කිරීමේදී එම දත්ත වල පිටපත් ලබා ගැනීමට සිදුවේ.මෙය පරිගණක ආධාරයෙන් පහසුවෙන් කල හැකි වුවත් අතින් සිදු කිරීමේදී ඉතා මන්දගාමී ක්‍රම අනුගමනය කළ යුතු වේ. යම් රාජ්‍ය ආයතනයක්  සකස් කල තොරතුරු රට පුරා අදාල අනෙක් ආයතන වලට බෙදා හැරීමේදී සති ගණන් කාලය වැය විය හැකිය.  උදා විභාග ප්‍රතිඵල
විශ්වාසනීයත්වයෙන් තොර වීම (Unreliability)
දත්ත එක් රැස් කිරීම ,පිටපත් කිරීම වැ නි කාර්යන් හිදී පුද්ගලයින් විශාල පිරිසක් සම්බන්ධ වීම නිසා සිදුවිය හැකි දෝෂ ඉහල යා හැක.  එම නිසා අතින් හසුරුවන ලද දත්ත හා තොරතුරු වලනිරවද්‍යතාවයගැන සෑහීමකට පත්විය නොහැක.එහෙත්පරිගණකය ආධාරයෙන් ක‍්‍රියාත්මක කලහැකි දත්ත පාදකකළමණාකරන පද්ධතියක ඉහත ආකාරයේ වැරදි සිදුවීමට ඇති
ඉඩකඩ ඉතාම අඩුය.
නිරවද්‍ය නොවීම (Inaccuracy)
සාම්ප්‍රදායික ක්‍රමයට දත්ත සංචාලනයේදී  මිනිස් මොලය ප්‍රධාන වන අතර මෙමගින් දිගින් දිගටම නිවැරදි ගණනය කිරීම් සිදු වේ යැයි අපේක්ෂා කළ නෙහැක. මානසික විඩාව  වෙහෙසකර බව ආදී විවිධ කායික අපහසුතා ආදිය නිසාත් වැරදි ගණනය කිරීම් සිදු වීමෙන් තොරතුරු නිරවද්‍ය නොවීම සිදු වේ.
තොරතුරු තාක්ෂණයේ උදාව
1957-ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යවකාශ  ගත කිරීම -  රුසියාව විසින් ස්පුට්නික් අභ්‍යවකාශ ශටලය
1966 - අතේ ගෙන යා හැකි ගණක යන්ත්‍රය-පාසල් ශිෂ්‍යයාගේ සිට ව්‍යපාරිකයා දක්වා සියඵ පුද්ගලයින්ගේ ගණිත කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීමට ඉවහල් විය
1969 -ATM ,Barcode reader
1973- ප්‍රථම ජංගම දුරකථනය - - ආචාර්ය මාර්ටින් කූපර් (මෝටරෝලා)
1973 -අන්තර්ජාලය - - වින්ටන් සර්ප්
1973 - ප්‍රථම දෘඩ තැටිය - IBM
1975 – පළමු පුද්ගල පරිගණකය
1975 – ලේසර මුද්‍රණ යන්ත්‍රය
1976 - ඇපල්  පුද්ගල පරිගණකය -  - ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක්
1977 -ඊ මේල් භාවිතය හඳුන්වා දීම   -
1978 - ප්‍රථම  IBM  පරිගණකය
1982- TCP/IP ප්‍රෙටොකෝලය හඳුන්වාදීම - පරිගණක ජාල අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට හැකිවිය
1985 –CD  -Rom තාක්ෂණය
1987 - මයික්‍රොසොප්ට් වින්ඩෝස 1.1
1991- WWW-  ටිම් බර්නර්ස් ලී
1995 - පෙන්ට්යම් ප්‍රොසේසරය නිර්මාණය
1995 –Java පරිගණක ක්‍රමලේන භාෂාව

ඉහත කෙටියෙන් දක්වා ඇත්තේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ආරම්භය සදහා ඉවහල් වූ නව සොයා ගැනීම් කිහිපයකි. මේ අනුව සියළු වැඩකටයුතු සාම්ප‍්‍රදායික ආකාරයට අතින් සිදුකරමින් තම ව්‍යාපාර කටයුතු වල නියැලූන මිනිසා ක්‍රමයෙන් තාක්ෂණය භාවිතයට හුරුවූයේ 20 වන ශතවර්ෂයේ අග භාගයේදී එනම් 60 ,70,.80 ,90 යන දශක වලදී බව පෙනී යයි. තොරතුරු තාක්‍ෂණයේ හා අනෙකුත් තාක්‍ෂය භාවිතයේ ආරම්භයත්සමඟ  ව්‍යාපාර ක්‍ෂේත‍්‍රය ,ඉදිකරීම් ක්‍ෂේත‍්‍රය,කර්මාන්ත ක්‍ෂේත‍්‍රය,අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය,මූල්‍යක්‍ෂේත‍්‍රයසෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය, ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය, ජන සංනිවේදන ක්‍ෂේත‍්‍රය, අභ්‍යාවකාශ පර්යේෂණ ‍ක්ෂෙත්‍රය යනාදී සැම ක්ෂේත්‍රයකම පූර්ණ වෙනස් කම් ‍සිදුවිය.ජංගම උපකරණ ක්‍රමලේඛනය ,පරිගණක ක්‍රමලේඛනය හා වෙබ් ක්‍රමලේඛනය දියුණු වීමත් සමඟ ඉහත කී සෑම ක්ෂේත්‍රයකම නව මුහුණු වරක් ඇති වී තිබේ.  අද වන විට කුඩා සිදුරු වලින් රිංගා ගොස් තොරතුරු සෙවිය හැකි ‍රොබෝවරු පවා නිමැවෙමින් පවතී.
එදිනෙදා ජීවිතයට තොරතුරු වල ඇති වැදගත්කම
තරඟකාරී ජීවන රටාවකට හුරුවී ඇති වර්තමාන සමාජයේ මිනිසාට නොයෙක් කටයුතු සඳහා තීරණ ගැනීම ඉක්මනින් කල යුතුව තිබේ.  මේ සදහා ගුණාත්මක තොරතුරු ප්‍රමාණවත් තරම් තිබිය යුතුය.
 පුද්ගලයෙකුගේ ජීවිතය සැලකූවිට ඔහුට
·         අධ්‍යාපනය ලැබීමට
·         රැකියාවක් සොයා ගැනීම හා කරන රැකියා දක්ෂ ලෙස ඉටු කිරීමට
·         එදිනෙදා වියදම් කළමණාකරනය කර ගනිමින් සකසුරුවම්ව වියදම් කිරීමට
·         සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීමට /දක්ෂ වෛද්‍ය වරයෙක්ගේ සේවය ලබා ගැනීමට
·         ස්වභාවික ආපදා ආදියෙන් වැලකී සිටීමට
·         භාන්ඩ මිලදී ගැනීමේදී ගුණාත්මක භාවයෙන් ඉහල දෑ තෝරා ගැනීමට
·         යනාදී සෑම කාර්යයකදීම තොරතුරු අවශ්‍ය වේ.
ආයතනයක් හෝ  ‍ව්‍යාපාරයක් කර්මාන්තශාලාවක් සැලකූ විට
            කාර්යක්ෂයම සේවාවන් සැපයීමට තම ගැනුම් කරුවන් ගැන ‍තොරතුරු
             නිෂ්පාදනයක් සදහා ඇණුවුමක් භාර ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට
            සේවකයින් කළමණාකරණයට අවශ්‍ය තොරතුරු
            වෙළද පොල හැසිරීම පිළිබඳ තොරතුරු  යනාදී වශයෙන්  තොරතුරු  වල අවශයතාවය අතිමහත්ය
ඉලෙක්ට්‍රොනික හා අනෙකුත්  උපාංග භාවිතය
ජංගම දුරකථන භාවිතය / පරිගණක භාවාතය / ස්වයං රැකියා කරන්නා ගේ සිට ඉහල වෘතිකයා දක්වා තම වෘත්තිය සඳහා නව උපාගං භාවිතා කිරීම සිග්‍ර ලෙස ඉහල ගොස් ඇත.
‍තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණයේ සංයුග්මනය
            1980හා 90 දශකවලසන්නිවේදන තාක්‍ෂණය සහ පරිගණකතාක්‍ෂණය එකට එක්වී වේගයෙන්වර්ධනය වියසන්නිවේදන තාක්‍ෂණය, චන්ද්‍රිකා, දුරකථන වැනි පණිවුඩහුවමාරු ක‍්‍රම දියුණුවෙත්ම එමගින් තොරතුරු එහා මෙහා ගෙනයාමේ හැකියාව වර්ධනය විය පරිගණකය අනුසාරයෙන් සැකසූ තොරතුරු තවත් පරිගණකයකට සන්නිවේදනය කිරීම සඳහා පරිගණක කාක්ෂනය හා සන්නිවේදන තාක්ෂනය එකාබද්ධ  කිරීම දිනෙන් දින දියුනු තලයකට පැමිණ ඇත.

තොරතුරු තාක්ෂණය මගින් තොරතුරු සැකසීම , ගබඩා කිරීම , භාවිතා කිරීම ,සංචාලනය කිරීම(manipulation)
සන්නිවේදනය කිරීම හා කළමණාකරණය කිරීම සඳහා පහසුකම් සලසයි. 





























































Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers