Saturday, April 15, 2017

2015 උසස් පෙළ ICT II කොටස B - 4 ප්‍රශ්නය

(a)   පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය නිර්මාණය කර ඇත්තේ තාර්කික ද්වාර වලින් සමන්විත පරිපථ වලිනි.
 මෙම පරිපථ වලට ආදානයන් ලෙස, දත්ත හෝ තොරතුරු ලබා දිය යුතු වන්නේ මේ ආකාරයටය. මේවා යන්ත්‍ර කේත ලෙස හැඳින්වෙයි. එහෙත් ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් තුළ අප භාවිතා කරන්නේ මිනිසාට පහසුවෙන් ඉගෙන ගත හැකි ව්‍යකරණ අඩංගු  භාෂාවක් බැවින් එම උපදෙස් සැකසුම්   ඒකකය තුළ  ක්‍රියාත්මක වීමට අවශ්‍ය නම් ඒවා යන්ත්‍ර කේත වලට හරවා දිය යුතුය. මේ සඳහා ඕනෑම ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් තුළ එම උපදෙස්  හැරවීමේ කේතය ද අඩංගු කර ඇත. මෙම කේතය එක්කෝ අර්ථ විනාසයක් නැතහොත් සම්පාදකයක් ලෙස හැඳින්වේ.
(b)
ගැටළුවක්  විසඳීමේ පළමු පියවර වන්නේ ගැටළුව අර්ථ දක්වා ගැනීමයි

ඒ අනුව මෙහි ආදනයන් තීරණය කරන්න
·         ශිෂ්‍යයාගේ සූචී අංකය
·         එක් එක් සිසුවා සඳහා ලකුණු  m1, m2,m3

ප්‍රතිදානය කුමක්ද

·         සෑම සිසුවෙකුගේ සඳහා ම සූචි අංකය , m1,m2,m3 

  marks.txt නැමැති text file එකක ලිවීම

පුනර්කරණ කොන්දේසිය

සූචී අංකය  -1 ට අසමාන වන  අගයයක් ආදානය කළ සෑම විටම පුනර්කරණය සිදුවිය යුතුය.

භාවිතා කළ යුතු විචල්‍යයයන්
·         සිසුවෙකුගේ සූචී අංකය - Ind_No  (int  වර්ගය)
·         පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු - m1  (int  වර්ගය)
·         දෙවන  ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු - m2(int  වර්ගය)


·         තෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු - m3 (int  වර්ගය)
    (i) ගැලීම් සටහන












python කේතය 

f=open ("markss.txt","w")
ind= int(input("enter the index number"))
while ind !=-1:
    m1 = input("enter marks1")
    m2= input("enter marks2")
    m3 = input("enter marks3")
    f.write(str(ind) + "," + m1 + ","  + m2 + "," + m3 + "\n")
    ind= int(input("enter the next index number"))
f.close()


අමතර පැහැදිලි කිරීම් -------
ගැටළුව විසඳීමට කේත ලිවීමට පෙර Text file එකක ලිවීම සිදු කරන අයුරු දැන සිටිය යුතුය 

python භාෂාවේ file operations හෙවත් ගොනු මෙහෙයුම්

            Python program එක අවසන් වූ පසුව එයින් නිර්මාණය කළ තොරතුරු  සුරක්ෂිත කර තැබිය යුතු නම්  ඒ  සඳහා ගොනු(files) නිර්මාණය කළ යුතුය. එබැවින් ගොනු නිර්මාණය කිරීම හා කියවීම යන කරුණු 2 සිදු කරන අයුරු විමසා බලමු.

දෘඩ තැටිය තුල ගොනුවක්  නිර්මාණය කිරීම (writing files)

1.       outFile = open('sample.txt', 'w')
·         outFile යනු නිර්මාණය කෙරෙන ගොනුව සඳහා ලබා දී ඇති  වචල්‍ය නාමයයි.
·         'sample.txt', 'w’  යන ඒවා පරාමිතීන් ලෙස හැදින්වේ. ('w' මගින් ලිවීම සිදු වන අතර ඊ ලඟ වාරයේදී ‍ගොනුවේ ඇති දෑ මකා දමා නැවත ලියයි "w" වෙනුවට "a" යෙදීමෙන් නැවත නැවත append කර ගැනීම සිදු කරයි.)

·         sample.txt යන නිර්මාණය වන file object එක සඳහා යෙදිය යුතු නාමයයි
·         w යනු ගොනුව write  කළ යුතුය යන්න පැවසීමට සඳහා යොදන පරාමිතියයි.

outFile.write('My first output file!\n')
outFile.write('this is the contents of the file')
outFile.close()
print ("file is created")

2.       python IDLE එකෙහි new window එකක් ලබා ගෙන කැමැති නමකින් ඉහත python file එක save කර run කරන්න.
(උදා “sample.py” )

3.       දැන් python file එක save කල ෆෝල්ඩර් එක විවෘත කර බලන්න එහි sample.txt නමින් file එකක් නිර්මාණය වී ඇති බව පෙනෙනු ඇත.
ඉහත කේතයේ outfile  මගින් fileobject එකක් නිර්මාණය කෙරෙන අතර එහි නම වන්නේ “sample.txt” වන අතර w මගින් write යන්න කියැවේ. ඉන්පසු එම outfile නැමැති file object එකෙහි write සහ close  යන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබේ.

ගොනු කියවීම (reading a  file)

     inFile = open("sample.txt",'r')
contents = inFile.read()
print (contents)

Thursday, April 13, 2017

2016 AL python Essay Type questions Answer



ඉහත ගැටළු ෙව්  (අ) මගින් අදහස් කරන් ෙන් , දී ඇති ගැටළුව විසඳීම සඳහා සුදුසු පරිගණක ක්‍රමෙල්ඛයකට අවශ්‍යවන ආදාන හා ප්‍රතිදානයන්ය 

(ඉහත ගැටළුව විසඳීම සඳහා සුදුසු ක්‍රමලේඛයකට අවශ්‍ය වන ආදාන හා එයින් බලාපොරොත්තු වන ප්‍රතිදානයන් සඳහන් කරන්න )
(අ)
 ආදාන - 
 ආහාර වර්ගය , 
ඒ ඒ් ආහාරයන් මිළදී ගත් ප්‍රමාණය , 
ගණනය කිරීම සඳහා  ෙයාදා ගන්නා පුනර්කරණ ෙයන් ඉවත් වීම ස ඳහා අගයක්

ප්‍රතිදාන 
- ඒක්  ආහාර බන්දේසියකට ගෙවිය යුතු මුදල

(ආ)


(ඇ)

price = 0
ip= [ 10.00 ,12.00, 15.00,10.00, 25.00, 45.00, 50.00, 25.00,10.00,12.00]

while True:
    iT= int(input("Enter item type 1 to 10 or 0 to exit--->"))
    if iT ==0:
        break
    elif iT > 10:
        print("not valid item type")
        continue
    amount = int(input("Enter the amount-------->"))
 
    price = price + ip[iT-1]*amount
     
print( "the total is %s" %price)

භාවිතා කර ඇති විචල්‍යයන් 
ip - Item Price (uniut price)- එක් එක් ආහාර වර්ගයේ මිළ
iT - item Type -ආහාර වර්ගය
amount - එක් එක් ආහාරයෙන් මිළදී ගෙන ඇති ප්‍රමාණයන්
price - ආහාර සඳහා මුළු අය කිරීම

කේතය සඳහා අමතර පැහැදිලි කිරීමක්  
**************************************************************************
 ඉහත  ෙක්ත ෙය් ip (item price) යනු ෙවන් list වර්ග ෙය් විචල්‍යයක් නිර්මාණය කර අැති අතර ඒ් තුළ දී අැති මිළ 10 අඩංගු කර අැත

**************************************************************************
  while True යන්න මගින් පුනර්කරණයක් අාරම්භ කිරීම සඳහා  ෙයාදා අැති උපක්‍රමයයි.
**************************************************************************
 iT= int(input("Enter item type 1 to 10 or 0 to exit--->")) මගින් item type ඒනම් අාහාර වර්ගය සඳහා නිකිල අගයයක් අාදානය කර ගනී

**************************************************************************
if iT ==0:
        break
 elif (iT > 10) or (iT<0):
        print("not valid item type")
        continue
අාහාර වර්ගය 0 නම්  ෙමහි break මගින්   ක්‍රමෙල්ඛෙයන් ඉවත් වීම සිදු ෙව්.
අාහාර වර්ගය 10 ට වැඩි නම්  ෙහා් 0 ට අඩු නම්   ෙමහි  continue මගින්   ඒම අාදානය වලංගු  ෙනාවන බව දක්වා ක්‍රමෙල්ඛය ඉදිරියට යෑම වලක්වයි.
**************************************************************************
 price = price + ip[iT-1]*amount
මෙම වගන්තියෙන් සිදු වන්නේ ගෙවිය යුතු මුදල ගණනය කිරීමයි.
ආදානය කරන ආහාර වර්ගයට අයත් නිඛිලයට අනුරෑප මුදල ip නැමැති ලැයිස්තුවෙන් ලබා ගත යුතුය.
 ip[iT-1 ] මගින් එය සිදු කර ඇත.
**************************************************************************

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers