ඇල්ගොරිතම දැක්වීමට ව්‍යාජ කේත/කල්පිත ක්‍රමලේඛ යොදා
ගැනීම(writing pseudo codes)
ගැටළුවක් සඳහා විසඳුම හෙවත් විසඳන ක්‍රමවේදය ඇල්ගොරිතමය ලෙස හැඳින්වේ.
මෙය ක්‍රම කීපයකට ලියා දැක්විය හැකිය. ප්‍රධාන
වශයෙන් පිළිගත් ක්‍රම 2 වන්නේ
- ගැලීම් සටහන් භාවිතා කර ඇල්ගොරිතමය ලියා දැක්වීම
- ව්‍යාජ කේත භාවිතා කර ඇල්ගොරිතමය ලියා දැක්වීම
මෙහිදී අප සලකා බලන්නේ මෙහි දෙවනුව සඳහන් කර ඇති
ව්‍යාජ කේත ලිවීම සිදු කරන්නේ කෙසේද යන්නයි. මෙම කල්පිත ක්‍රමලේඛ ලිවීමේදී නිශ්චිත
පරිගණක භාෂාවක් යොදා නොගන්නා අතර සියල්ලන්ටම තේරුම්ගත හැකි සරල ඉංග්‍රීසියෙන් ලියන ලද තාර්කික උපදෙස් මාලාවක් ලෙස ගැටළුව විසඳීමේ පියවර අනුක්‍රමය ලියා
දක්වයි. දැඩිව පිළිපදින සම්මත වචන සමුදායක් හෝ සම්මතයක් දැකිය නොහැකි අතර තාර්කිකව
එමෙන්ම ව්‍යුහගත කර උපදෙස් අනුක්‍රමය ලියා දැක්වීම සිදු කළ යුතුය.
1.
විසඳුමේ ආරම්භය සහ අවසානය ලියා දැක්වීම:
BEGIN
විසඳුම විස්තර
කෙරෙන වගන්ති
..........
END
2. පරිගණකයට දත්ත ආදානය කිරීම(Input) ව්‍යාජ කේත තුළ ලියා දක්වන අයුරු
ක්‍රමලේඛය ක්‍රියාත්මක කිරීමේදී සමහර දත්ත
පරිශීලක විසින් ඇතුළු කළ යුතුය. එසේ පරිශිලකගෙන් දත්ත ලබා ගත යුතුය යන්න ලියා
දැක්වීම input ලෙස හැඳින්වේ. මෙසේ යතුරු පුවරුවෙන් හෝ ඩිස්ක්
තුළ ඇති දත්ත මූලාශ්‍රයක් (Data source) කියවීමෙන් හෝ දත්ත ආදානය කරනු ලබන අතර පහත ක්‍රම
වලින් එකක් භාවිතා කළ හැකිය.
·
READStudent Name
/READ St_Name
·
GET System_Date
·
READ Number1, Number2
·
INPUT Tax_Code
3.
පරිගණක මතකය තුළ
දත්තයන් රැදවීමසඳහා විචල්‍යයන් ප්‍රකාශයට පත් කිරීම හා ඒවා සඳහා අගයන් පැවරීම (Declaring
variables and initializing values)
Salary ,Marks, counter , Total_price , TaxRate,
Date, Grade , Emp_code, Selling_Price, Discount, Avg, Sum,Score වැනි ගැටළුවට
ආවේණික සංරචක ඒ ඒ ගැටළුව තුළ යොදා ගැනීමට සිදුවේ. ඒවා නොයෙක් සැකසීම් / ගණනය කිරීම් වලදී භාවිතයට
ගැනීම සඳහා තාවකාලික මතකය තුළ රඳවා තබා ගැනීම අවශ්‍ය වේ.මේ සඳහා ඒවා විචල්‍ය ලෙස ප්‍රකාශයට පත් කර ඒවාට ආරම්භක
අගගයන් ඇතුළු කර (assign)තැබිය
යුතුය. විචල්‍ය නාමය සඳහා ඉංග්‍රීසි අක්ෂර වලින් පටන් ගන්නා නමක් යොදා ගන්නා අතර
විචල්‍ය නාමය අතර මැද ඉඩ තැබීම සිදු නොකරයි.
උදා
- Counter =0
- Total_price = 0
- Set Marks to 0
- Grade = “A”
- Result = “pass”
4.
සැකසීම් /ගණනය කිරීම්
සිදු කිරීමේදී වගන්ති භාවිතා කරන අයුරු(Use
Statements in Processing)
Total = Total + Marks
Salary = BasicSalary + Rate*No_Of_Hourse
Discount = Marked_Price *3%
Sellling_Price = Marked_Price – Discount
1.
තීරණ
ගැනීම්/ තේරීම් ( Decisions)
සඳහා ව්‍යාජ කේත ආකෘති
IF <condition> THEN
statement
ENDIF
statement
ENDIF
IIF condition> THEN
statement
ELSE
ELSE
statement
ENDIF
ENDIF
IF
<condition> THEN
statementS
ELSEIF <condition> THEN
ELSEIF <condition> THEN
statementS
ELSEIF
<condition> THEN
statementS
ELSEIF <condition> THEN
ELSEIF <condition> THEN
statementS
ELSE
ELSE
statementS
ENDIF
ENDIF
මීලගට
පුනර්කරණය (Repetition
/ Looping ) සඳහා ව්‍යාජ කේත ආකෘති