Thursday, July 16, 2020

PHP අධ්‍යයනය කරමු

PHP කේත අත්හදා බැලීම සඳහා පහත Editor එක භාවිතා කරන්න.
විෂය නිර්දේශයට අදාල PHP කේත පිළිබඳ සටහනක් පහලින් දක්වා ඇත.
වෙබ් පාදක PHP අත්හදා බැලීම් සඳහා මෙහි පහලින්ම දී ඇති දිගුව (tutorials.com) භාවිතා කරන්න.
php හදාරමු Go to www.tutorialspoint.com

MYSQL අධ්‍යයනය කරමු

විෂය නිර්දේශයට අදාල Mysql කේත පිළිබඳ සටහනක් පහලින් දක්වා ඇත.
MYSQL හදාරන්න.goto www.w3schools.com

Wednesday, July 15, 2020

Python කේත හදාරමු

python කේත අධ්‍යයනය කිරීම සඳහා ඒවා අත්හදා බැලීම අත්‍යාවශ්‍ය වේ.
ඔබ පරිගණකයේ python ස්ථාපනය කර නැති නම් මෙහි දක්වා ඇති python compiler එක භාවිතා කර කේත අත්හදා බලන්න.
මෙහි වම් පස තීරුවේ python කේත ලියා ඒවා Run කළ හැකිය. එවිට දකුණු පසින් එම python කේත ක්‍රියාත්මක වන අයුරු දැකිය හැකි වේ.විෂය නිර්දේශයට අදාල python කේත පිළිබඳ සටහනක් මෙහි පහලින් දක්වා ඇත. එම python කේත සටහන්ද උදව් කර ගන්න.

(compiler එක උපුටා ගැනීම https://www.programiz.com/python-programming/online-compiler/ වෙතිනි.)

Tuesday, July 14, 2020

css කේත හදාරමු

css කේත මෙහි වම් පස css යනුවෙන් සඳහන් ස්ථානයේ type කිරීමෙන් හෝ දී ඇති css කේත වම් පස තීරුවේ copy past කිරීම මගින් දකුණු පසින් එම css කේත ක්‍රියාත්මක වන අයුරු අත්හදා බලන්න. විෂය නිර්දේශයට අදාල css කේත පිළිබඳ සටහනක් මෙහි දැක්වෙන EDITOR එකට පහලින් දක්වා ඇත.ඒයින් ඔබට අවශ්‍ය කේත copy කර EDITOR එක තුල css යන ස්ථානයේ past කරන්න.ප්‍රතිදානය දකුණු පසින් දැක්වේ.

(EDITOR එක උපුටා ගැනීම https://webmaker.app/app/ වෙතිනි.)

Monday, July 13, 2020

HTML කේත හදාරමු

HTMLකේත අත්හදා බැලීමට Editor එකක් මෙහි දක්වා ඇත. ද්විත්ව ඊ හිස් මත ක්ලික් කිරීමෙන් html editor එක විශාලනය කළ හැකිවේ. HTML කේත මෙහි වම් පස type කිරීමෙන් HTML කේත ක්‍රියාත්මක වන අයුරු අත්හදා බලන්න.

විෂය නිර්දේශයට අදාල HTML කේත පිළිබඳ සටහනක් මෙහි දැක්වෙන EDITOR එකට පහලින් දක්වා ඇත. ඔබේ අත්හදා බැලීම් සඳහා එම සටහනද උයෝගී කර ගන්න. (EDITOR එක උපුටා ගැනීම https://webmaker.app/app/ වෙතිනි.)

Friday, June 12, 2020

Practical -ප්‍රායේගික


උසස් පෙළ ICT විෂය නිර්දේශයට අදාල ප්‍රායෝගික ත්‍රියාකාරකම් සිදු කිරීමට පහත සබැඳි භාවිතා කරන්න.---------  

Tuesday, April 7, 2020

Python -2 - මෙහෙයවන තව දුරටත්



Python -2 කොටස - මෙහෙයවන තව දුරටත්

සැසඳුම් මෙහෙයවන(comparison operators  )

අගයයන් 2 ක් සන්සන්දනය කිරීම සඳහා මෙහි දැක්වෙන සැසඳුම් මෙහෙයවන භාවිතා කෙරේ. 

නම
උදා
 Equal
x == y
Not equal
x != y
Greater than
x > y
Less than
x < y
Greater than or equal to
x >= y
Less than or equal to
x <= y

පහත සැසැඳුම්  පරීක්ෂා කර පිළිතුරු ලබා ගන්න.
උදා  >>>34>23 ලෙස ඇතුලත් කර තහවුරු (Enter) කරන්න.

34 >23

34>=34

a=34
b=54
b>a

23=23

23==23

23!=23

b!=a

b %2 ==0




 තාර්කික මෙහෙයවන- Logical Operators

මෙහෙයවනය
උදාහරණය
ප්‍රතිඵලය
and 
8 < 5 and  1< 10

or
4 < 5 or 8 < 4


X=10 ,  y=45

not
not(x < 15 and  y < 10)


Python Membership Operators

 x = ["apple", "banana"]
 “banana" in x     ………………………………
“banana" not in x   ……………………………………………

>>>  “k” in “sarath bogahapitiya”

>>>  “a” in “sarath bogahapitiya”


Python Bitwise Operators -බිටු අනුසාරිත මෙහෙයවන


x=10  සහ y = 4  වේ නම් පහත වගුවේ සඳහන් බිටු අනුසාරිත මෙහෙයවන වල පිළිතුරු  ලබාගන්න


10   -->     1 0 1 0
4-->          0 1 0 0
AND--->  0 0 0 0
ඉහත සංඛ්‍යා 2 හි අනුරෑප බිටු එකිනෙක සලකමින් ඒවායේ තාර්කික AND කර්මය ක්‍රියාත්මක කළ විට පිළිතුර ලෙස 0 ලැබේ.

මෙහෙයවනය
තේරුම
උදා

&
Bitwise AND
x& y

|
Bitwise OR
x | y

~
Bitwise NOT
~x

^
Bitwise XOR
x ^ y

>> 
Bitwise right shift
x>> 2

<< 
Bitwise left shift
x<< 2















Monday, April 6, 2020

PYTHON -3 (DATA TYPES)

python -3 කොටස
Data types in python /දත්ත වර්ග

Python හි යෙදෙන දත්ත වර්ග 9 ක් ඇත: ඒවා 
 string,integer, float, complex, bool,  list, tuple, set and dictionary. 
ලෙස හඳුන්වයි

·         strings- string
·         numbers 
o   integer numbers - integer
o   floating-point numbers - float
o   complex numbers  -complex
·         tuples - tuple
·         lists -list

·         sets -set
dictionaries - dictionary

යම් දත්තයක දත්ත වර්ගය පරීක්ෂා කිරීම සඳහා type()  නැමැති function එක භාවිතා කරන්න.
උදා
>>> type( 'Hello, World! ' )
<class 'str'>

>>> type(17)
<class'int'>
Python පරිගණක භාෂාවේ එන දත්ත වර්ග මොනවාද යන්න අවබෝධ කර ගැනීම සඳහා type ( ) නැමැති function එක භාවිතා කරන්න

type(“hello”)

type(“4.5”)

type(4.5)

type(45)

type([])

x=”hello”
type(x)

x=45
type(x)

x=45.5
type(x)



string වර්ගය

>>> 3+'3'  හි පිළිතුර කුමක් වේද ?

Traceback (most recent call last):
  File "<pyshell#1>", line 1, in <module>
    3+'3'
TypeError: unsupported operand type(s) for +: 'int' and 'str'
දත්ත වර්ග 2 ක් නිසා මෙම දෝෂය ලැබේ.
------------------------------------------------------------------
>>> '=' + 10   හි පිළිතුර කුමක් වේද ?
දත්ත වර්ග 2 ක් නිසා පෙර සඳහන්දෝෂයම ලැබේ.
------------------------------------------------------------------
එහෙත් >>> '= ' * 10 හි පිළිතුර ලෙස  '==========' ලැබේ.

------------------------------------------------------------------
 >>> "2020 " + 'is good for you'  හි පිළිතුර කුමක් වේද ?
අක්ෂර සමග අක්ෂර එකතු කිරීමේ දී ඒවා එකට ලියා දක්වයි.
එනම් '2020 is good for you' ලෙස පිළිතුර ලැබේ. 
------------------------------------------------------------------

“hello how are you” යනු string වර්ගයේ දත්තයකට උදාහරණයකි. 
       String එකක අඩංගු සෑම සං‍කේතයක්ම අංකයකින් හැදින්විය හැකිය:
      උදාහරණය        name = “sara.crc"      නම්

     
index
0
1
2
3
4
5
6
7
character
s
a
r
a
.
c
r
c

String එකක තනි සංකේතයක් වෙනම ලබා ගැනීම

>>>name[0] මගින් "s" යන අගය ලැබේ.
       
         variableName [ index ]


String properties
name = "sarath Bogahapitiya"      නම්
length = len(name)         
big_name = str.upper(name)

print (big_name, "has", length, "characters")

Output:                SARATH BOGAHAPITIYA  has 18 characters


Integer දත්ත වර්ගය

සකසමින් පවතී.....

Blog Archive

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers