Friday, April 18, 2014

Python note sinhala 1 පයිතන් සිංහලෙන් 1



9.6 Python-1


Guido van Rossumනැමැති නෙදර්ලන්ත ජාතික පරිගණක ඉංජිනේරු මහතා විසින් 1991 දී නිර්මාණය කරන ලද පරිගණක භාෂාවකි.http://www.python.org නැමැති වෙබ් අඩවියෙන්  බා ගැනීමට හැකි අතර සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපනය කරන අයුරින් ස්ථාපනය කල හැක.

විශේෂ ලක්ෂණ

PYTHON අන්තර්ක්‍රියා කාරි අතුරු මුහුණත

  •  IDLE හෙවත් interactive Development Environment යනුවෙන් අදහස් කෙරෙන PYTHONGUI (graphical User Interface)එක ක්‍රියාත්මක කරන්න
  •  එහි  කේත ලිවීම සඳහා සපයා ඇති>>>ස්ථානය Interactive Interpreter ලෙස හැඳින්වේ. 
  • එසේම මෙය python shell  එක ලෙසද හැඳින්වේ.
  • එනම් එහි ‍කේත ලියා තහවුරු කල විගස ප්‍රතිදානය දැකිය හැකිවේ. 
  • මෙය භාෂාවේ ව්‍යාකරණ තේරුම් ගැනීමට මහගු පිටිවහලකි. 
  • එනම් pythonපරිගණක භාෂාව තම ‍‍කේත වරකට එක බැගින් යන්ත්‍ර භාෂාවට හරවා ක්‍රියාත්මක කරයි.
  • මෙනිසා මෙය Interpreted language එකක් ලෙස හැඳින්වේ.

Python පරිගණක භාෂාව case sensitive භාෂාවකි. 
උදා name , Name, NAME යනු එකිනෙකට වෙනස් විචල්‍ය නාම 3 කි.


Python පරිගණක භාෂාවේ සංචිත වචන (reserved words)


Python reserves a set of identifiers as keywords.  These are:
and                                        as                            assert                    break    class
continue                              def                         del                          elif                          else
except  exec                      finally                    for                          from
global                                    if                             import                  in                            is
lambda                                 not                         or                            pass                       print
raise                                      return                   try                          while     with
yield

මෙම වචන විචල්‍ය නාම ලෙස භාවිතා කිරීම සිදු කළ නොහැකිය. උදා class = 10 ලෙස භාවිතා කළ නොහැකිය

එහෙත් Class = 10 ලෙස භාවිතා කිරීම සිදු කල හැකිය.

Variable declaration  විචල්‍ය ප්‍රකාශ කිරී

ගැටළු විසඳීමේදී විච්‍යයයන් අර්ථ දැක්වීම සඳහා එම විචල්‍යයට අගයයක් පැවරීම ප්‍රමාණවත් වේ.
a = 1    
a = 1.41 
a = 'abc'
print (a) àමගින්  ‘abc’ලෙස ලැබේ.එනම් a සඳහා මුලින් පැවරුණු අගයයන් අහෝසි වී අවසානයට පැවරුණු අගය a තුළ ඉතිරි වේ
>>>x,y = 10,20.3  # මෙමගින් x හා y සඳහා අගයයන් පැවරීම සිදු කෙරේ. එහෙත් >>> x, y = 41 ලෙස පැවරීම දෝෂ සහිතය.
පහත වගුවේ සඳහන් ආකාරයේ සුළු කිරීම් මගින් අංක ගණිතමය මෙහෙයවන ක්‍රියා කරන  අයුරු අවබෝධ කරගන්න.

විචල්‍යයකට අගයයක් පැවරීම 

x=12 

y= "sarath"  

x= x +3  මගින් x නැමැති විචල්‍යයට 3 ක් එකතු කිරීම කියැවේ. එසේම එම පැවරීම x +=3 ලෙස ද භාවිතා කරන අතර එය x= x+3 යන්න කෙටියෙන් ලියන ආකාරයයි.පහත අභ්‍යාසය මගින් පැවරුම් මෙහෙයවන භාවිතා කරන අයුරු අවබෝධ කර ගන්න.


Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers