Friday, August 9, 2013

Assignment on grade 10 competency 01


තොරතුරු සන්නිවේදන තාක්ෂණය
සරත් බෝගහපිටිය-0716537411
10 ශ්‍රේණිය
නිපුණතාවය -01
ක්‍රියාකරකම -01

නම:………………………………………………………………………………………………. දිනය : ……………………………….
දත්ත‍ හා තොරතුරු හදුනා ගැනීම සදහා අදාල තීරුවේ සලකුණ යොදන්න.
අංක
කාරණය/ප්‍රකාශය
දත්ත
තොරතුරු
1
පන්තියේ ළමුන් සංඛ්‍යාව


2
ගොඩකවෙල නග‍රයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය


3
දුරකථන අංකයක අවසන් අංක 4


4
ගණිතය සදහා පන්තියේ ළමුන්ගේ ලකුණු


5
කාලගුණ වාර්තාව


6
කාල සටහන


7
දිනක් තුළ පුද්ගලයෙක් වැඩ කර ඇති අමතර පැය ගණන


8
පළාත් සභා ඡන්දයේදී එක් පිලක් සදහා තේරී පත්වූ මන්ත්‍රී ලැයිස්තුව


9
අද දින සාප්පුවක විකිණු භාණ්ඩවල ලාභය


10
ගණිතය විෂයය සදහා පන්තියේ ලකුණු වල සාමාන්‍ය අග‍ය


11
සිසුන්ගේ බර දැක්වෙන සංඛ්‍යා සමුහයක්


12
දෘඩ තැටියක ධාරිතාවය ගිගා බයිට් 3 කි


13
සමන්ගේ වයස අවුරුදු 15


14
රෝගියෙකුගේ උණ අඩු වැඩි වීම් දක්වන ප්‍රස්ථාර සටහන


15
සේවකයෙකුගේ මාසික වැටුප් ලේඛනය


16
භාණ්ඩයකට ලැබෙන වට්ටම 5% කි.


17
වෘත්තයත අරය සෙ මී 7 කි.


18
වෘත්තා‍කාර ධාවන පථයේ වටේ දිග


19
පාසලක පිරිමි හා ගැහැණු සිසුන්ගේ ප්‍රතිශතය දක්වන ප්‍රස්ථාරය


20
ගණිතය විෂය සදහා 10 ශ්‍රේණියේ සිසුන් ලබා ගත් උපරිම ලකුණ


21
පුස්තකාලය විවෘතව ඇති දින


22
යෙදවුම් මෘදුකාංග නැමැති පොත පුස්තකාලයෙන් බැහැර ගෙන ගිය පොතක්ද ? නැතිද ? යන්න


23
උණ රෝගියෙකුගේ නළල‍ට පැයකට වතාවක් අත තබා උණ බැලීම


24
පොත් සාප්පුවක ඇති පොත් වල වැඩිම මි‍ලේ සිට අඩුම මිළ දක්වා තෝරා සංවිධානය කරන ලද පොත් ලැයිස්තුවක්


25
නිවසක් ඉදි කිරීම සදහා අදාල වියදම් ඇස්තමේන්තුව



10 ශ්‍රෙණිය
තොරතුරු සන්නිවේදන තාක්ෂණය

ඇගයීම 02- පහත  ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
0716537411
  1. 1.       මිනිසා පරිගණක වැනි යන්ත්‍ර නිර්මාණය කලේ ඇයි?
    2.       පරිගණක වෙනත් යන්ත්‍රවලට වඩා වෙනස් යන්ත්‍රයකි මෙය කෙටියෙන් පැහැදිලි කරන්න
    3.       මිනිසා විසින් පරිගණකයට පවරලා තිබෙන ප්‍රධාන කාර්යය කුමක්ද ?
    4.       ඉහත කී කාර්යය සිදු කිරීම සඳහා පරිගණකය ඇතුලත තිබෙන ප්‍රධාන උපකරණය කුමන නමකින් හැඳින්වේද?
    5.      

    දත්ත, උපදෙස් ,සැකසීම , තීරණ ගැනීම , තොරතුරු යන වචන වලින්  පහත සටහනේ හිස් තැන් පුරවන්න.






    6.       දත්ත හා තොරතුරු අතුරින් වැඩි වටිනාකමක් හිමි වන්නේ කුමකටද ? එයට හේතුව උදාහරණයක් ඇසුරින්පැහැදිලි කරන්න.
    7.       තීරණ ගැනීමේ කාර්යය සඳහා පරිගණකය යොදා ගත හැකිද ? ඒ සඳහා ඇති බාධක මොනවාද ?
    8.       පරිගණකය බහුකාර්ය යන්ත්‍රයකි. මෙය සත්‍යයක් ද? සත්‍ය නම් ඔබ එසේ කියන්නේ ඇයි ? උදාහරන ඇසුරින් පැහැදිලි කරන්න
    9.       Branded computers සහ Assembled computers යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
    10.   පුද්ගල පරිගණක වර්ග 03 ක් ලියා ඒ එක එකක් සම්බන්ධයෙන් කෙටි විස්තර සපයන්න
    11.   1,2,3,4 යන පරිගනක පරම්පරා වල දැකිය හැකි වූ එක් ප්‍රධාන ලක්ෂණය බැගින් ලියන්න.
    12.   පරිගණකයක සුවිශේෂිතා නම් කරන්න.
    13.   පරිගණකය මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් මොනවාද ?
    14.   දත්ත ආදාන උපාංග 06 ක් කෙටියේ හඳුන්වන්න
    15.   මධ්‍ය සැකසුම් ඒකකය තුළ ඇති ප්‍රධාන කොටස් 02 නම් කරන්න
    16.   පරිගණක නිර්මිතය ඇඳ දක්වන්න
    17.   පරිගණක වල භාවිතා කරන ප්‍රතිදාන ඒකක මොනවාද ?
    18.   ප්‍රධාන සැකසුම් උපකරණයේ වේගය මනිනු ලබන්නේ කුමන ඒකකයෙන්ද ?
    19.   වර්තමානයේ විකිනීමට ඇති නවීනතම පරිගණකය ක ප්‍රධාන සැකසුම් උපකරණයක තාක්ෂණික නාමය සහ වේගය සඳහන් කරන්න.
    20.    පරිගණකයේ මතකයේ ප්‍රධාන ආකාර 02 දක්වන්න ඒ එක එකක් කෙටියෙන් පැහැදිලි කරන්න.
    21.   දත්ත හෝ තොරතුරු ස්ථිරව ම ගබඩා කර තැබීම සදහා පරිගණකය විසින් භාවිතා කරන උපකරණ මොනවාද ? 

    11 ශ්‍රේණිය ‍තොරතු පද්ධති ප්‍රශ්න මාලාව - 01 -ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න

    1) තොරතුරු පද්ධති වර්ග 2 කින් එකක් වනුයේ අතින් සිදු කරන තොරතුරු පද්ධතිය. එසේ නම් අනෙක් වර්ගය  නම් කරන්න.
    2) සේවකයින් 150 ක් සිටින කර්මාන්ත ශාලාවක වැටුප් සකස් කරනු ලබන්නේ වැටුප් ලිපිකරුවන් විසිනි. පරිගණක ගත තොරතුරු පද්ධතියක් යොදා නොගැනීම හේතුවෙන් ඇතිවිය හැකි අවාසි 03 ක් සදහන් කරන්න.
    3) යම් ආයතනයකට තොරතුරු පද්ධතියක් සැකසීමේ දී එහි දැන් පවත්නා පද්ධතියේ සේවකයින්ට ලබාදෙන ප්‍රශ්නාවලි මගින් තොරතුරු එක් රැස් කරයි . මෙසේ ‍කරනු ලබන්නේ පද්ධති සං‍වර්ධන චක්‍රයේ කුමන පියවරේදීද
    4) තොරතුරු පද්ධති වලි ක්‍රියාකාරිත්වයන් අනුව ‍ඒවා වර්ගීකරණය කරන්න.
    5) දැනට සිටින සේවක සංඛ්‍යාව යොදා ගනිමින්  මාසයක කාලයක් ඇතුලත ඇගලුම් තොගයක් සැපයීම ලාභ දායක වන්නේද නොවන්නේද යන්න විමසා බැලීමට ඇගලුම් කම්හල් අයිතිකරුවෙකුට අවශ්‍යවේ. මේ සදහා යොදා ගත හැකි තොරතුරු පද්ධතිය කුමන වර්ගයකට අයත් වේද ? මෙවැනි පද්ධතියක් උපයෝගී කර ගැනීමට සිදුවන්නේ ගබඩා භාරකරු සහ කළමණාකරු යන දෙදෙනා අතුරින් කාහටද?
    6) පද්ධතියක් නිර්මාණය කිරීමට පෙර ඒතුළ තිබිය යුතු අවශ්‍යතා වර්ග 2 වෙන වෙනම විමසා බලයි. මෙම අවශ්‍යතා වර්ග 2 කෙටියෙන් පහදන්න
    7) පද්ධති සැලසුම් කිරීමේ දී අනුගමනය කරන ප්‍රධාන කාර්යයන් 2 ක් නම් කර ඒවා කෙටියෙන් විස්තර කරන්න.
    8) පද්ධතියක් ගොඩනැගීම සදහා ක්‍රමලේඛන භාෂාවකින් ක්‍රමලේඛනය කිරීම කේතනය ලෙසින් හැදින්වේ. මෙම පියවරේදී සිදු කරන කාර්ය‍ය කෙටියෙන් පහදන්න.

    sarathBo@yahoo.com-0716537411

1 comment:

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers