Wednesday, March 28, 2012

11 ශ්‍රේණිය තොරුතුරු පද්ධති 

පද්ධතියක් යනු කුමක්ද
මනුෂ්‍ය ශරීරය , ‍රෝහල , පාඨශාලාව , කර්මාන්ත ශාලාව ආදී ඕනෑම ආයතනයක් තුළ පහත පොදු ලක්ෂණ දැකිය හැකිය.
       අනු කොටස් (සංඝටක) කිහිපයක් තිබේ.
       ඒවා එකිනෙක සම්බන්ධිතය
       ඒවා වෙන වෙනම මෙන්ම එක්ව ද ක්‍රියා කරයි
       එම කොටස් යම් අරමුණක් සපුරා ගැනීම සඳහා   කටයුතු කරයි
       එම අනු කොටස් උප පද්ධති ලෙස ක්‍රියා කරයි
එබැවින් ඉහත ලක්ෂණ වලින් සමන්විත ඒකකයක් පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය.
පද්ධතියක ප්‍රධාන ක්‍රියාවලි මොනවාද
පද්ධතියක් ප‍්‍රධාන වශයෙන් කි‍්‍රයාවලි 3 කින් සමන්විත වේ.
1.       ආදානය 2. සැකසුම 3. ප‍්‍රතිදානය
අභ්‍යාසය
        I.            පාසල ,රෝහල , පරිගණකය යනු පද්ධති 03 කි. ඒවායේ ආදානයන් සැකසුම් හා ප්‍රතිදානයන් ලියන්න.
      II.            දත්ත තොරතුරු බවට හැරවීම සඳහා පරිගණක පද්ධතියක් තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු සංඝටක 03 ක් ලියන්න.
තොරතුරු පද්ධති යනු මොනවාද ?
       ආයතනයක හෝ ව්‍යාපාරයක එදිනෙදා කටයුතු සාර්ථක ව සිදු කිරීම සඳහා නිවැරදි තොරතුරු ඉතා වැදගත්
       එම තොරතුරු නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා පද්ධතිය තොරතුරු පද්ධතියකි.
තොරතුරු පද්ධතියක අඩංගු දෑ මොනවාද ?
      පුද්ගලයන්,
      දත්ත,
      ජාල,
      උපකරණ,
      තාක්ෂණය
තොරතුරු පද්ධති වර්ගීකරණය
       අතින් සිදු කරන (හස්තීය ) පද්ධති
      මෙවැනි පද්ධතිවල දී සියලූ ම සැකසුම් පුද්ගලයන් විසින් අතින් සිදු කරනු ලැබේ.
      සියලූ ම ගණනය කිරීම් ද අතින් සිදු කළ යුතු අතර කඩදාසිවල ලියා ලිපි කවර තුළ හා සේප්පු තුළ ලිපි ගොණු වශයෙන් දත්ත හා තොරතුරු තබා ගත යුතු ය
       පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති
අභ්‍යාසය
        I.            අතින් සිදු කරන (හස්තීය ) තොරතුරු පද්ධතියක අවාසි මොනවාද
      II.            පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධතියක ඇති වාසි මොනවාද
    III.            පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධතිය ක සංඝටක මොනවාද ?
තොරතුරු පද්ධති වර්ග
 යම් ආයතනයක ‍පුද්ගල සම්පත ඔවුන් හට පැවරී ඇති රාජකාරි අනුව කාණ්ඩ වලට වෙන් කළ හැකිය. ( ලිපිකරුවන් , ගබඩා පාලකයින් ,කළමණාකරුවන්, අධ්‍යක්ෂ මණ්ඩල ) එවැනි එක් එක් කාණ්ඩය අනුව ඔවුන් ට අවශ්‍ය තොරතුරු එකිනෙකට වෙනස් වේ. එනිසා එවැනි තොරතුරු නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා තොරතුරු පද්ධති වර්ගීකරණය කළ හැක.            
       ගනුදෙනු සැකසුම් පද්ධති (Transaction Processing systems)
        පරිපාලන තොරතුරු පද්ධති(Management Information systems)
        තීරණ සහයෝගී පද්ධති (Decision support systems )
        විශේෂඥ පද්ධති (Expert Information system)
අභ්‍යාසය
ඔබේ පෙළ පොත අනුව  ඉහත එක් එක් පද්ධති වර්ගය හඳන්වන්න
තොරතුරු පද්ධතියක් සැකසීම අනුගමනය කරන චක්‍රාකාර ක්‍රියාවලිය 
System development Life Cycle(SDLC)
යම් ආයතනයක ක්‍රියාවලිය සදහා  හෝ පරිශීලක අවශ්‍යතා සදහා  තොරතුරු පද්ධතියක් සැකසීම විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුව සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙහිදී පහත පියවර අනුගමනය කරන අතර එහි පළමු පිවයර 04 පද්ධති විශ්ලේශක (system analyst) විසින් සිදු කරයි. කේත ලිවීම හා පරීක්ෂා කිරීම පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන් (Computer programmers) ගේ කාර්යයන් වේ‍.

       ගැ‍ටඵව හදුනා ගැනීම (Identification of the problem) 
       ශක්‍යතා අධ්‍යයනය (Feasibility study)
       පද්ධති විශ්ලේෂණය (System Analysis)
       පද්ධතිය සැළසුම් කිරීම (System design)
       පද්ධතිය සැකසීම සදහා  කේත  ලිවීම (Coding)
       සැකසූ පද්ධති‍‍යේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම හා දෝෂ නිවැරදි  කිරීම  (Testing & Debugging)
       පද්ධතිය භාවිතාවේ යෙදවීම (Implementation)
       පද්ධතිය නඩත්තු තිරීම  (Maintenance)
ගැ‍ටඵව හදුනා ගැනීම (Identification of the problem) 
යම් ආයතනයකට තොරතුරු උත්පාදනය කර ගැනීම සදහා පහසු ක්‍රමවේදයක් අවශ්‍යවේ නම් එම ආයතනය සදහා තොරතුරු පද්ධතියක් සැකසිය හැකිය. මෙම අවශ්‍යතාවය මෙහිදී ගැටඵව ලෙස සලකනු ලබයි. එම ගැටඵව ඇති සැටියෙන්ම හදුනා ගැනීම සදහා පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
1)පද්ධතිය තුලින් බලාපොරොත්තුවන ප්‍රතිදානයන්/ පරිශීලක අවශ්‍යතා (Output)
2) පද්ධතියට ඇතුඵ කිරිම‍ට සිදුවන දත්ත (input)
3)පද්ධතියේ විෂය සීමාවන්/වපසරිය (Scope)
4)පද්ධතියේ පරිශීලකයන් කවුරුන්ද යන කාරණය සහ ඔවුන්‍ට අවශ්‍ය අදාන ප්‍රතිදාන අතුරුමුහුණත්
පද්ධති විශ්ලේෂණය
‍1) දැන‍ට ක්‍රියාත්මකවන පද්ධතිය පිළිබද දීර්ඝ හා අංගසම්පූර්ණ ලෙස හැදෑරීම
2) අඵතින් ‍ගොඩනැංවිය යුතු පද්ධතියේ තිබිය යුතු මෙහෙයුම්  අවශ්‍යත‍ා
3)පද්ධතිය හා බාහිර ලෝකය අතර තිබිය යුතු සබදතා
4) ගොඩනැංවීමට ‍බලාපොරොත්තුවන නව පද්ධතියේ පිරිවිතර පිළිබද සම්පුර්ණ වාර්තාවක්
5) අධ්‍යයනය සදහා දත්ත එක් රැස් කිරීම
            දත්ත/තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රම
            සම්මුඛ සාකච්ඡා / පුශ්නාවලි /ලේඛන පරීක්ෂාව / නිරීක්ෂණ /කණ්ඩායම් සාකච්ඡා
තොරතුරු පද්ධති ප්‍රශ්න මාලාව - 01 -ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න
1) තොරතුරු පද්ධති වර්ග 2 කින් එකක් වනුයේ අතින් සිදු කරන තොරතුරු පද්ධතිය. එසේ නම් අනෙක් වර්ගය  නම් කරන්න.
2) සේවකයින් 150 ක් සිටින කර්මාන්ත ශාලාවක වැටුප් සකස් කරනු ලබන්නේ වැටුප් ලිපිකරුවන් විසිනි. පරිගණක ගත තොරතුරු පද්ධතියක් යොදා නොගැනීම හේතුවෙන් ඇතිවිය හැකි අවාසි 03 ක් සදහන් කරන්න.
3) යම් ආයතනයකට තොරතුරු පද්ධතියක් සැකසීමේ දී එහි දැන් පවත්නා පද්ධතියේ සේවකයින්ට ලබාදෙන ප්‍රශ්නාවලි මගින් තොරතුරු එක් රැස් කරයි . මෙසේ ‍කරනු ලබන්නේ පද්ධති සං‍වර්ධන චක්‍රයේ කුමන පියවරේදීද
4) තොරතුරු පද්ධති වලි ක්‍රියාකාරිත්වයන් අනුව ‍ඒවා වර්ගීකරණය කරන්න.
5) දැනට සිටින සේවක සංඛ්‍යාව යොදා ගනිමින්  මාසයක කාලයක් ඇතුලත ඇගලුම් තොගයක් සැපයීම ලාභ දායක වන්නේද නොවන්නේද යන්න විමසා බැලීමට ඇගලුම් කම්හල් අයිතිකරුවෙකුට අවශ්‍යවේ. මේ සදහා යොදා ගත හැකි තොරතුරු පද්ධතිය කුමන වර්ගයකට අයත් වේද ? මෙවැනි පද්ධතියක් උපයෝගී කර ගැනීමට සිදුවන්නේ ගබඩා භාරකරු සහ කළමණාකරු යන දෙදෙනා අතුරින් කාහටද?
6) පද්ධතියක් නිර්මාණය කිරීමට පෙර ඒතුළ තිබිය යුතු අවශ්‍යතා වර්ග 2 වෙන වෙනම විමසා බලයි. මෙම අවශ්‍යතා වර්ග 2 කෙටියෙන් පහදන්න
7) පද්ධති සැලසුම් කිරීමේ දී අනුගමනය කරන ප්‍රධාන කාර්යයන් 2 ක් නම් කර ඒවා කෙටියෙන් විස්තර කරන්න.
8) පද්ධතියක් ගොඩනැගීම සදහා ක්‍රමලේඛන භාෂාවකින් ක්‍රමලේඛනය කිරීම කේතනය ලෙසින් හැදින්වේ. මෙම පියවරේදී සිදු කරන කාර්ය‍ය කෙටියෙන් පහදන්න.

sarathBo@Gmail.com-0716537411

1 comment:

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers