Thursday, August 18, 2011

OL ICT-Competency 4- Uses Boolean Algebra to work effective with logic gates

Basic Logical Operations (Include Flash movies)



what is a logical variable or Boolean variable
Think of a switch, it is an electrical device having two states: on, or closed; and off, or open.That means a switch can have only 2 values. So an electrical switch can be recognize as an logical variable or Boolean variable. In Mathematically the two values of that variable can be specified as 0 and 1.
What is a logical Operator or Boolean operator
It can define operators to perform logical addition ,multiplication that will work upon logical variables.So
The basic logical operators (Boolean operators)
  • AND (.) operator is the logical operator for logical Multiplication.
  • OR (+) operator is the logical operator for logical addition.
  • NOT operator is for logical complementation.
To better understand how the logical operators have define use the following animations.

අ.පො.ස සාපෙළ/ උපෙළ තොරතුරු තාක්ෂණය -මූලික තාර්කික මෙහෙයුම් (Flash Movies අන්තර්ගතයි)

මුලින්ම තාර්කික විචල්‍යයයක් හෙවත් බූලියන් විචල්‍යයක් (logical operator)යනු කුමක්දැයි විමසා බලමු.

ස්විච් එකක් ගැන සිතන්න. එය විදුලි පරිපථයක යොදා ගන්නා උපකරණයක් වන අතර ඒ සදහා පැවතිය හැකි ආකාර 2 කි. එනම් ස්විච‍ය විවෘත(open) හා සංවෘත (close) යන අවස්ථා 2 පමණි. මෙනිසා ස්විචය තාර්කික විචල්‍යයයක් හෙවත් බූලියන් විචල්‍යයක් ලෙස සැළකිය හැකියි. තාර්කික විචල්‍යයකට ලබා ගත හැක්කේ අගයයන් 2කි. ගණිතානුකූලව නම් මෙම අගයයන් 0 හා 1 ලෙස ගැනේ.

තාර්කික මෙහෙයුම් කාරක බූලියන් මෙහෙයුම් කාරක (logical operators )

ඉහත සදහන් කළ තාර්කික විචල්‍යයයන්/බූලියන් විචල්‍යයයන් එකතු කිරීම හා ගුණකිරීම සදහා තාර්කික මෙහෙයුම් කාරක /බූලියන් මෙහෙයුම් කාරක අර්ථ දැක්විය හැකිය.

AND (.) - තාර්කික/බූලියන් ගුණිතය සිදු කරයි

OR (+) - තාර්කික/බූලියන් එකතු කිරීම සිදු කරයි

NOT - තාර්කික/බූලියන් විරුද්ධාර්ථය

මෙම තාර්කික/බූලියන් මෙහෙයුම් කාරක හදුනා ගැනීම සදහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් ‍සිදුකරන්න. ඒ අනුව A හා B තාර්කික/බුලියන් විචල්‍යයන් මත එක් එක් මෙහෙයුම් කාරක සිදු කළ විට දැකිය හැකි ප්‍රතිදාන වගු ගත කරන්න. (සත්‍යතා වගු)

උදා - A හි B මත AND මෙහෙයුම් කාරකය යෙදීම

A ස්විචය

B ස්විචය

Output

0 (විවෘත)

0 (විවෘත)

0

0 (විවෘත)

1 (සංවෘත)

0

1 (සංවෘත)

0 (විවෘත)

0

1 (සංවෘත)

1 (සංවෘත)

1


No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers