Thursday, August 8, 2013

Education software development


සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්  ර ගොඩකවෙල කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානයේ පැවැති අධ්‍යාපනික මෘදුකාංග නිර්මාණය කිරීම - පුහුණු වැඩමුඵව -2013 07 30
Education software development training workshop at Godakawela zonal CRC

ඇඹිලිපිටිය කලාපයේ ගුරුවරුන් අතුරින් තෝරාගත් ගුරුපිරිසක් සඳහා අධ්‍යාපනික මෘදුකාංග නිර්මාණය පිළිබඳ හැදින්වීමක් ලබා දී යම් නිර්මාණයක් බිහි කිරීමට පෙළඹවීම මෙහි අරමුණ විය. නිර්මාණය සැකසීම සඳහා පාදක කරගන්නා යෙදුම /Authoring tool ලෙස ms power point යොදා ගත් අතර Flash 8 භාවිතා කිරීම මගින් interactive animation සකසා ගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරන ලදී.

යම් පාඩමක් සඳහා මෘදුකාංගයක් හෝ Interactive ගති ලක්ෂණ සහිත presentation එකක් නිර්මාණය කිරීමේදී අනුගමනය කරන මූලික පියවර  විය යුත්තේ සැළසුම් කිරීමයි (design the instructions). එනම් එක් එක් තිරය(screen) තුළ අන්තර්ගත කරනු ලබන විෂය කරුණු  contents / Animations /videos/ texts / යනාදිය ක්‍රමලේඛණය ආරම්භ කිරීමට පෙර සැලසුම් කිරීමයි මෙමගින් පාඩම ක්‍රම ක්‍රමයෙන් විකාශය විය යුතු අයුරු සංවිධානය කර ගත හැකිවේ.සෑම තිරයකම අන්තර්ගතය multimedia principles අනුව නැවත සිතා බැලීමට එමගින් අවකාශ ලැබේ අවසානයේදී තමන් තෝරා ගත් පරිගණක භාෂාව හෝ යෙදුම භාවිතා කර ඉහත කී සැළසුමට අදාල පරිගණක වැඩසටහන සකස් කිරීම සිදුවේ වෘත්තීය මට්ටම්දී මෙම කාර්යය සිදු කිරීමේදී ‍
විෂය විශේෂඥ
උපදෙස් සැළසුම් ශීල්පී
මෘදුකාංග ශිල්පී
යන තිදෙනාගේම දායකත්වය මගින් අධ්‍යාපන මාදුකාංගය සකස් කෙරේ.
instructional design කියන්නේ මොකක්ද
The systematic process of translating principles of learning and instruction into specifications for instructional materials and activities  -Smith & Ragan
Producing a solution to an instructional problem  -Lockee
දැනුම හා කුසලතා කාර්යක්ෂම ව සහ ඵලදායිලෙස අත් පත් කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම හා

ශිෂ්‍යයාහට තමන් ඉගෙන ගන්නා දේ සම්බන්ධව ප්‍රායෝගික කාර්යයන්හි යෙදීමට අවස්ථාව ලබා දීම මෙහිදී සිදු කෙරේ.
multimedia Principles මොනවාද යන්න සම්බන්ධයෙන්  Flash Presentation එකක් download කරගන්න
download presentation basic guideline 
Topics under Flash - 
1) How to make simple animation using Frame by frame animation
2) Motions tween animations and Guided motion tween animations
3) Introduction to scripting basics - Time line control
4) Making interactive animations - mouse click event , mouse over  and drag drop
5) How to embed Flash movies in to Microsoft powerpoint

topics under power point - used as authoring tool 
1)Introduction to use master slide
2)How to use Macros
3)Apply Interactivity using User Interface controls(combo boxes , text boxes , command buttons ,messages etc.)
4) Embedding fonts and narrations
5) Handling mouse click  using triggers.



--------------------------------------------------------------------------

Download sample activity1- Flash Demo1 -created using invisible buttonssourceFile-FLA

--------------------------------------------------------------------------

Download sample activity2- Flash Demo2 -created using buttons .. sourceFile-FLA

--------------------------------------------------------------------------

No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers