Tuesday, August 20, 2013

නිපුනතාවය 12තරග කාරී වෙළඳපොළ හා ව්‍යාපාරික සංවිධානවලට තොරතුරු සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු
12.1 වෙළද ලෝකය තුළ            ‍තොරුතුරු හා සන්නිවේදන තාක්ෂණ‍යේ භූමිකාව
අංකිත ආර්ථිකය යනු කුමක්ද [What is Digital Economy]
 ආර්ථිකය යනු රටේ ප්‍රධාන ආදායම් ඉපයිමේ ක්‍රියාවලියයි. මේ හා  බැදුනු  ප්‍රධාන අංග වන්නේ නිෂ්පාදනය, බෙදා හැරීම, කර්මාන්ත, පාරිභෝජනය, භාණ්ඩ හා සේවා සැපයීම යනාදියයි. අංකිත තාක්ෂණයේ පරිණාමයත්  සමග ඉහත කී ආර්ථික ක්‍රියාදාමයන් වෙනස් වෙමින් පවතී . ආර්ථික ක්‍රියාදාමය හැසිරවීම සඳහා අංකිත තාක්ෂණික ක්‍රම වේද යොදා ගැනීම අද සමාජයේ සුලභ ලක්ෂණයකි. පරිගණකය සහ නවීන ආදාන ප්‍රතිදාන උපාංග , දියුණු පරිගණක ක්‍රමලේඛන, ජංගම දුරකථන , ජංගම පරිගණනය ,පරිගණක ජාල , අන්තර්ජාලය හා ඒ සමග බැදුනු තාක්ෂණයන්  , වෙබ් පාදක යෙදුම් , ආදී විවිධ වූ අංකිත තාක්ෂනික හැකියාවන් භාවිතා කරමින් ආර්ථික කටයුතු මෙහෙයවීම අංකිත ආර්ථිකයයි.

අංකිත ආර්ථිකයේ නව වාණිජ්‍ය ක්‍රම


1. ප්‍රති වෙන්දේසි කිරීම (Reverse Auctioning)


වෙන්දේසි කිරීම යනු කුමක්ද ? ගැනුම් කරුවන් විසින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීම සඳහා ක්‍රමක්‍රමයෙන් වැඩි වන මිල අගයන් ඉදිරිපත් කිරීම වෙන්දේසියේදී සිදුවන ක්‍රියාවලියයි මෙය අවසානයේ දී වැඩිම මිළක් ඉදිරිපත් කරන ගැනුම් කරුට භාණ්ඩය විකිණීම සිදු කරනු ලැබේ. එසේනම් ප්‍රතිවෙන්දේසි කිරීම යනුවෙන් හැදින්වෙනුයේ ඉහත කී ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. එනම් ගැනුම් කරු විසින් ඉල්ලා සිටින යම් භාණ්ඩයක් හෝ සේවවාක් සඳහා විකිණුම් කරුවන් කීප දෙනෙකු මිල ඉදිරිපත් කරයි මෙහිදී විකිණුම් කරුවන් ක්‍රම ක්‍රමයෙන් තම මිළ අඩු කිරීම මගින් තම භාණ්ඩය අදාල ගැනුම් කරුට විකුණා ගැනීමට උත්සාහ ගන්නා අතර අවසානයේ දී අඩුම මිලට භාණ්ඩය හෝ සේවාව සැපයීමට ඉදිරිපත් වන විකුණුම් කරුගෙන් භාණ්ඩය මිළදී ගනු ලැබේ.


උදා ආයතනයක් (ගැනුම් කරු) තමන්ගේ අභ්‍යන්තර විගණන ලේඛන වල සාරාංශ සැකසීම සඳහා දැන්වීමක් ප්‍රසිද්ධ කරනු ලබන් නේ යැයි සිතමු මෙය සිදු කරන්නේ ඒ වෙනුවෙන් සකස් කරන ලද වෙබ් පාදක යෙදුමක් මගිනි. මෙම සේවාව ලබා දීමට හැකියාව ඇති වෙනත් පාර්ශවයන්(විකිණුම් කරුවන්) විසින් ඒ සඳහා ඉහත කී වෙබ් පාදක යෙදුම ‍ඔස්සේ  තමන්‍ ගේ මිළ ඉදිරිපත් කරනු ලබයි. එයින් අඩුම මිළ ඉදිරිපත් කරන එමෙන්ම පිළිගත හැකි පාර්ශවයක්  වෙත  ඉහත කී අභ්‍යන්තර විගණන ලේඛන වල සාරාංශ සැකසීම පවරනු ලබයි



2. කණ්ඩායම් ලෙස මිලදී ගැනීම (Group Purchasing)


මෙම ක්‍රමයේදී පුද්ගලයින් හෝ ව්‍යපාර ආයතන කීපයක් එකතුව කණ්ඩායමක් ලෙස සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම සිදු ‍කෙරේ. යම් භාණ්ඩයකින් කුඩා ප්‍රමාණයක් අවශ්‍ය වන ආයතනයක් ගැන සිතමු (උදා ලෙස දිනපතා ඖෂධ අවශ්‍ය වන පෞද්ගලික රෝහලක්) සැපයුම් කරුවන් ගෙන් භාණ්ඩය මිළදී ගැනීමේදී විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ ඇණවුම් කරන්නේ නම් අඩු මිළ‍ට ගත හැකි වන බැවින් ඉහත කී රෝහල තමන් ට අවශ්‍ය වන භාණ්ඩ මිළදී ගැනීමට සූදානමින් සිටින තවත් රෝහල් සමග කණ්ඩායමක් ලෙස එකතු වේ මෙමගින් ඔවුන් ගේ  කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ මිලදී ගැනීමේ බලය (buying power) එක් ‍රැස් වන නිසා ඔවුන් සියලු දෙනාටම සැපයුම්කරු විසින් ලබාදෙන වට්ටම් හා අඩු මිල අත් විඳීමේ හැකියාව ලැබේ. සිල්ලර වෙළදාමේ යෙදෙන ව්‍යාපාරිකයින්ටද මෙම ක්‍රමය  මගින් අඩු මිළට තමන් ගේ වෙළද සැලට භාණ්ඩ මිළදී ගැනීමට හැකියාව තිබේ.
3.ඊ වෙළඳ පොළ (e- Market Place)

සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ කිරීම සඳහා අන්තර්ජාලයේ පිහිටුවා ඇති වෙබ් අඩවියක් හරහා නිර්‍‍ මාණය කරන අවකාශයකි. සාමන්‍ය වෙළඳ පොළක මෙන් භෞතික පිහිටීමක් (Physical Location) නොමැති මුත් සාමාන්‍ය වෙළඳ පොළක සිදුවන සියලුම ක්‍රියාකාරකම් ඊ වෙළඳ පොළක වඩාත් කාර්යක්ෂමව සිදු කල හැකි වන පරිදි සැළසුම් කර ඇත. මේ තුළ වාණිජමය වශයෙන් වැදගත් වන ක්‍රියාදාමයන් අන්තර්ගත කර ඇති අතර එමගින් ‍සැපයුම් කරුවන් ගැණුම් කරුවන් සඳහා පහසුකම් සැලසේ. එබැවින් සමාගම් වල නිෂ්පාදනයන් සඳහා සැපයුම් කරුවන් හෝ ගැනුම් කරුවන් සපයා ගැනීම ට පහසුකම් මෙහි ඇත.

ඊ වෙළඳ පොළ  පහසුකම් අතර වෙන්දේසි කිරීම් නාමාවලි සැපයීම , ඇණවුම් කිරීම , වෙළඳ හුවමාරු කිරීම් ප්‍රචාරක  දැන්වීම් ආදියද දැකිය හැකිය.


ඊ වෙළඳ පොළ ව්‍යුහගත කිරීම ආකාර කිහිපයකින් යුක්ත වේ. E Bay නැමැති ප්‍රසිද්ධ ඊ වෙළඳ පොළ තුළ ඇත්තේ ගැනුම්කරු හෝ විකුණුම් කරු විසින් පවත්වාගෙන යන ඊ වෙළඳ පොළක් නොවේ. එය තෙවන පාර්ශවයක් විසින් මෙහෙයවනු ලැබේ.
සෘජු සාම්ප්‍රදායික වෙළඳ සංවිධාන Pure brick
ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා විදයුත් වාණිජමය ක්‍රමවේදයන් භාවිතා නොකරන වෙළඳ සංවිධාන මෙසේ හ ඳුන්වයි. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවිය හෝ සැපයුම් ලබා ගැනීමක් සිදු නොකරයි.
මාර්ගගත ක්‍රම වේදයන් පමණක් භාවිතා කරන ව්‍යාපාරයන්  Pure click
ඊ වෙළඳසැල් භාවිතා කිරීමෙන් පමණක් භාණ්ඩ අලෙවි කිරීම සිදු කර න ආයතන මෙසේ හඳුන්වන අතර මේවා ව්‍යාපාරික කටයුතු සඳහා භෞතික ව දැකිය හැකි වෙළඳ සැල් පවත්වන්නේ නොමැත Ebay  සහ  Amazon යනු මෙවැනි ආයතන 2 කි. the most prominent companies are Ebay and Amazon. these companies have ONLY an online model and no offline model. Ebay does not sell products offline and neither does amazon.
මාර්ගගත මෙන්ම මාර්ගගත නොවන ක්‍රමවේදයන් භාවිතා කරන වෙළඳ ආයතන (brick and click)
මෙම ක්‍රමය යටතේ  යම් වෙළඳ ආයතනයෙක් තම  භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා
1 මාර්ගගත  ඊ වෙළඳ සැලක්
2   සාම්ප්‍රදායික ක්‍රමයට පිහිටුවන වෙළද සැල්/ගබඩා
ද පවත්වා ගෙන යනු ලැබේ. මෙම ක්‍රම 2 මගින්ම භාණ්ඩ ඇණවුම් කිරීමට අවස්ථාව ලබා දේ. භාණ්ඩ මිළදී ගැනීමට පෙර ඒවා හොදින් නිරීක්ෂණය කිරීමට කැමැති ගැනුම් කරුවන් මෙන්ම පෙර  නිරීක්ෂණය කිරීමට වේලාවක් ගත නොකර ඉක්මනින් භාණ්ඩය ගෙන්වා ගැනීමට කැමැති ගැනුම් කරුවන්ද සිටී. මේ දෙපිරිසටම මෙම brick and click ක්‍රමය මගින් පහසුවක් ඇති කරයි.
ව්‍යාපාර ක්‍රියාකාරිත්වය සහ තොරතුරු තාක්ෂණයේ භූමිකාව
Bussiness function and the role of It
ව්‍යාපාරයක දී කළමණාකරණය කල යුතු ප්‍රධාන අංශ කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
          මානව සම්පත් Human Resources
          ප්‍රචාරණය සහ අලෙවිය Sales and Marketing
          පර්යේෂණ සහ සංර්ධනය Research and Development
           නිෂ්පාදනය සහ මෙහෙයුම් Production/Operations
          පාරිභෝගික සේවා Customer Service
          මුල්‍ය කටයුතු හා ගිණුම් තැබීම Finance and Accounts
          පරිපාලනය Administration
          සැපයුම් දාම
          ව්‍යාපාර සන්නිවේදනය
 ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා ඉහත සෑම කටයුත්තක්ම කාර්යක්ෂම කිරීම අත්‍යවශ්‍ය වේ. මේ නිසා තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම නූතන ව්‍යාපාරයක අනිවාර්ය අවශ්‍යතාවයකි.
මූල්‍ය හා ගනු දෙනු සඳහා තොරතුරු තාක්ෂණය
බිල්පත් නිකුත් කිරීම , ලැබීම් හා ගෙවීම්  සඳහා අදාල ගොනු පවත්වා ගැනීම  . බැංකු ගත කිරීම් , වැටුප් සකස් කිරීම යනාදිය සඳහා මෘදුකාංග භාවිතා කරයි. තම බැංකු ගිණුම් වල ශේෂය පරීක්ෂා කිරීම මාර්ගගත බැංකු පහසුකම් ක්‍රියාත්මක කිරීම යනාදී කරුණු ඉටු කර ගැනීම සඳහා පරිගණකය අන්තර්ජාලය භාවිතා කිරීම සිදු කරනු ලැබේ.
මානව සම්පත හා තොරතුරු තාක්ෂණය
At the operational level of Human Resource Management, personnel records, benefits, schedules, compensations, training, and skills need to be digitally kept in an inventory.
ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ තරාතිරමේ පුද්ගලයින් අවශ්‍ය වන අතර ඔවුන් ‍කළමණාකරණය කාර්යක්ෂමව සිදු කිරීමට තොරතුරු තාක්ෂණය ‍යොදාගනු ඇත. ‍ව්‍යාපාරය හා සම්බන්ධ වන අනෙකු ත් පුද්ගලයින් සැපයුම් කරුවන් ගැනුම් කරුවන් යනාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම සඳහා අන්තර්ජාලය යොදා ගත හැකිය. ඊ මේල් යොදා ගැනීම මගින් පහසුවෙන් තම න් ගේ සැපයුම් කරුවන් සම්බන්ධ කර ගත හැකිය.

අලෙවිකරණය විකුණුම් හා තොරතුරු තාක්ෂණය
Electronic Fund transfer at POS මගින් credit card debit card භාවිතා කර මුදල් ගෙවී‍මේ පහසුකම් පසපයයි. කුඩා ව්‍යාපාරික වෙළ ද සැල්පවා මේවා මගින් තම පාරිභොගිකයින්ට තොතුරු තාක්ෂණයේ ප්‍රතිලාභ අත්විදීමට පහසුතම් සපයයි. මුදල් ගෙනයාමේ අනතුරු අඩු කර ගැනීමට මෙය ඉවහල් වේ.
සැපයුම් දාම කළමණාකරණය හා ‍තොරතුරු තාක්ෂණය
අමු ද්‍රව්‍ය සපයන්නා නිෂ්පාදකය අලෙවිකරුවා සහ පාරිභෝගිකයා අතර සම්බන්ධතාවය නොබිදී ‍පවත් වා ගැනීම සඳහා  තොරතුරු  තාක්ෂණික උපක්‍රම යොදා ගනු ඇත.
ව්‍යාපාරික සන්නිවේදනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය
අලෙවිකරණය , ගැනුම් කරුවන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම , පාරිභෝජන රටා හ දුනා ගැනීම , වෙළද ප්‍රචාරණය යනාදි කරුණු ව්‍යාපාරික සන්නිවේදනය යටතේ සලකා බැලිය යුතුය. මෙම කාරණා ඉටු කිරීමේදී ක්ෂෙත්‍ර නිලධාරීන් ලවා වෙළද පොල තොරතුරු එක් රැස් කිරීම හා ඒවා විෂ්ලේෂණය සදහා ඉලෙක්ට්‍රොනික පැතුරුම්පත් යොදා ගත හැකිය. වෙබ් අඩවියක් පවත්වා ගැනීම මගින් තම ව්‍යාපාරයේ සේවාවන් හා භාණ්ඩ සම්බන්ධය පැය 24 ම ක්‍රියාත්මක ව පවතින ‍තොරතුරු මූලාශ්‍රයක් විවෘතව තැබිය හැකිය. වෙළද ප්‍රචාරණය සඳහා ආකර්ශනීය දැන්වීම් සකස් කිරීමේදී පරිගණක මාදුකාංග යොදා ගැනීම අනිවාර්යය කරුණකි. රූපවාහිනී දැන්වීම් සකස් කිරීමේදී නවීන වී‍ඩියෝ සංස්කරණ උපක්‍රම හා ත්‍රිමාන අනුරූ සජීවිකරණය මගින් ගැනුම් කරුවන් ආකර්ශනය කරගත හැකිය.
 business communication methods
  • Web-based communication - for better and improved communication, anytime anywhere ...
  • video conferencing which allow people in different locations to hold interactive meetings;
  • e-mails, which provide an instantaneous medium of written communication worldwide;
  • Reports - important in documenting the activities of any department;
  • Presentations - very popular method of communication in all types of organizations, usually involving audiovisual material, like copies of reports, or material prepared in Microsoft PowerPoint or Adobe Flash;
  • telephoned meetings, which allow for long distance speech;
  • forum boards, which allow people to instantly post information at a centralized location; and
  • face-to-face meetings, which are personal and should be succeeded by a written followup.
  • suggestion box,it is mainly for upward communication as because some people may hesitate to communicate to the to management directly so they can give suggestion by drafting suggestion in suggestion box.
ඉතිරිය ඉක්මනින් --- pl comment 

4 comments:

  1. sir plz keep updating thz......

    ReplyDelete
  2. sir ge mea blog 1 A/L ict walata godak udaw wenawa. sir ta godak isthuthi

    ReplyDelete
  3. godak wadagath thanx....ikmanin apdate karanna

    ReplyDelete
  4. thank you :) very helpful

    ReplyDelete

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers