Thursday, August 29, 2013

Flash for designing intective animations

Flash මෘදුකාංගයෙන් සකස් කළ ඇනිමේෂන් එකක් විවිධ ආකාරයෙන් භාවිතා කළ හැකියි.
powerpoint Show එකක් සමග භාවිතා කිරීම .,
වෙබ් පිටුවක් ඇතුලත භාවිතා කිරීම ,
විෂුවල් බේසික් වැනි පරිගණක ක්‍රමලේඛන භාෂාවකින් ලියූ පරිගණක වැඩසටහනක් තුළ යොදා ගැනීම යනාදිය සිදුකළ හැකියි.
අධ්‍යාපනික මෘදුකාංග නිර්මාණයේදී ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදු කිරීම ආදර්ශනය කිරීමටත් අන්තර්ක්‍රියාකාරී පාඩම් සැකසීමටත්  Flash සුලභව යොදා ගන්නා බව දැකිය හැකිය. ද්විමාන සජීවීකරණයන් 2D animations නිර්මාණය කිරීම ට මෙම මෘදුකාංගය යොදා ගත හැකිවා මෙන්ම තනිව ක්‍රියා කළ හැකි බහුමාධ්‍ය ‍යෙදුම් සැකසීමේ හැකියාවද ඇති ජනප්‍රිය මෘදුකාංගයකි.
Flash ඉගෙන ගන්න පටන් ගන්නේ කොහොමද ?
දැන් නිකුත් ව ඇත්තේ Adobe Flash cs5.5 ඒත් එය ‍සොයා ගන්න අමාරු නම් Flash 8 වලින් ඉගෙනීම අරඹන්න පුඵවන්. පළමුවෙන් Flash විවෘත කර ගෙන එහි ඇති tools භාවිතා කර අඳින්න පුරුදුවිය යුතුයි.
Time line තීරුවෙන් layer යොදා ගනිමින් එක් එක් layer එක මත වෙන වෙනම ඇඳීමට පුරුදු විය යුතුයි මෙහිදී තමන් අදින layer එක හැර ඉතිරි layer lock කිරීමට හැකියි .
අඳින ලද පින්තූරයක් ‍save කිරීම සඳහා file –> export image යන මාර්ගයේ යන්න
Flash වල ප්‍රධාන අරමුණ ඇනිමේෂන් සකස් කිරීම නිසා ඒ සම්බන්ධ සැකසූ පාඩම් කිහිපයක් මේ සමග
ඇනිමේෂන් ප්‍රධාන ආකාර
1 frame by frame animation ‍‍
2 Tween ආකාරයේ ඇනිමේෂන්
.... ෆ්ලෑෂ් ට්වීනින් (Flash Tweenning)
.... ෆ්ලෑෂ් ට්වීනින් (Flash Tweenning) Flash මෘදුකාංගයේ timeline තීරුව අනුව වස්තුවක ස්ථාන 2 ක පිහිටීම් හා ස්වරෑප අතර (between) වෙනස ඇනිමේට් කිරීම tweened animation ලෙස හැදින්වේ.මෙය ආකාර 2කින් සිදු කළ හැකිය.
1 .Shape Tween
2 . Motion Tween
මෝෂන් ට්වීන්එකක් නිර්මාණය කිරීම
(Flash Motion Tweenning) Flash මෘදුකාංගය භාවිතාකර Moltion Tween එකක් සැකසීම ඉතා පහසු වේ. යම් වස්තුවක පළමු පිහිටීම හා අවසාන පිහිටීම නිර්මාණය කරදුන් පසු මෘදුකාංගය විසින් අදාල ට්වීන් ඇනිමේෂන් එක ලබාදේ. පහත පියවර අනුගමනය කරන්න
1) Flash මෘදුකාංගය ආරම්භ කර නව Document එකක් ලබා ගන්න.
2) Time Line හි පළමු Frame එක මත Click කර ඇනිමේට් කිරීමට අවශ්‍ය පෙර සැකසූ පින්තූරයක් Stage එක මතට ගෙන එන්න. ( File>Import>Import to Stage ). නැතහොත් Flash හි ඇදීම් සදහා භාවිතා කරන මෙවලමක් උපයෝගී කරගනිමින් යමක් අදින්න.

3)දැන් ඉහත පියවරේදී නිර්මාණය කළ වස්තුව තෝරා එය Graphic Symbol තත්වයට පත් කරන්න.මේ සදහා ‍"F8 " (Function key ) තද කරන්න.‍එවිට ලැබෙන සංවාද කවුඵවේ ඉහත වස්තුව සදහා නමක් ලබාදී Graphic behavior ලෙස තෝරා "ok" තද කරන්න. (Tween වර්ගයේ ඇනිමේෂන් සැකසිය හැක්කේ symbol තත්වයට පත්කළ වස්තූන් පමණි. එබැවින් Tween ඇනිමේෂන් කිරීමට අවැසි ඕනෑම වස්තුවක් පළමුව Symbol තත්වයට පත් කළයුතුය.)

4) කැමැති ඕනෑම Frame එකක් මත Right click කරන්න. එවිට ලැබෙන menu එකෙන් Insert Key frame යන්න තෝරන්න. එවිට ඉහත දී Frame1 වලදී නිර්මාණය කරන ලද synbol එක මෙම නව Frame එකටත් ලැබේ. මෙම නව Frame එකේ සිටියදීම Stage එක මත ඇති වස්තුව වෙනත් ස්ථානයකට (stage එක මත) රැගෙන ගොස් තබන්න
5) දැන් Time line එකේ දැකිය හැකි key frame දෙක අතර ස්ථානයක right click කර ලැබෙන menu එකෙන් Create Motion Tween යන්න තෝරන්න

6)Movie එක save කර Ctrl+ Enter යතුරු එකවිට තද කිරීමෙන් Motion Tween එක නරඹන්න.

1 comment:

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers