Tuesday, August 27, 2013

4 Uses logic gates to design basic digital circuits and devices in computers 4වන ඒකකය පිළිවෙලකට ඉගෙන ගනිමු

4 Uses logic gates to design basic digital circuits and devices in computers
4 වන ඒකකය තාර්කික ද්වාර තර්කානුකූලව පිළිවෙලකට ඉගෙන ගනිමු
විෂය නිර්දේශයේ 4.1 යටතේ  තාර්කික ද්වාර යනු මොනවාද යන්න අධ්‍යයනය කිරීමට නියමිතය . එහෙත් එයට පෙර තාර්කික මෙහෙයවන (logical operators)ගැන දැන සිටීම අවශ්‍යයි. සා පෙළට තොරතුරු සන්නිවේදන තාක්ෂණය හදාරලා   නැති නම් තාර්කික මෙහෙයවන ගැන අවබෝධයක් නැති නිසා තාර්කික ද්වාරයක ක්‍රියාකාරිත්වය විස්තර කිරීමට එම තාර්කික මෙහෙයුම (Logical Operation) කුමක්ද යන්න අවබෝධ කර ගෙන සිටීම වැදගත් වේ.
එම නිසා මෙම ඒකකය අධ්‍යයනය කිරීමේදී පහත පිළිවෙල අනුගමනය කරලා ඉගැන්වීමත් ඉගෙන ගැනීමත් වඩාත් සුදුසු වේ.
1 බූලියානු විචල්‍ය යනු මොනවාද
2 එම බූලියානු විචල්‍ය මත ක්‍රියාත්මක කළ හැකි තාර්කික මෙහෙයවන මොනවාද ඒවා නිරූපණය කිරීමට /ආදර්ශනය කිරීමට යොදා ගත හැකි පරිපථ මොනවද
3 තාර්කික ද්වාරයක් කියන්නෙ මොකක්ද /ඒවා අවශ්‍ය වන්නේ ඇයි ?/ මොනවටද යොදා ගන්නේ (උදා ඇසුරින් )
4 AND ,OR,NOT යන මූලික තාර්කික ද්වාර හඳුනා ගැනීම හා සියඵ ආදානයන් සඳහා ද්වාරය මගින් ප්‍රතිදාන ලබා දෙන අයුරු සත්‍යතා වගු මගින් දැක්වීම / ද්වාරයක ඇතුලත තියෙන්නේ මොනවාද/ transistor එකක ක්‍රියාකාරිත්වය මොන වගේද
5 LOGIC IC හඳුනා ගැනීම හා එකක් වත් ප්‍රායෝගිකව භාවිතා කර ද්වාරයක ආදාන හා ප්‍රතිදාන අවස්ථා තේරුම් ගැනීම
6 යම් ගැටළුවක් විසඳා ගැනීම සඳහා AND ,OR, NOT ඇසුරින් තාර්කික පරිපථ ගොඩනැගිය හැකි බව
7ඉන් පසුව NAND , NOR, XOR ,XNOR යන සම්බන්ධිත ද්වාර හා ඒවායේ සත්‍යතා වගු අධ්‍යයනය
8 සියඵ ද්වාර වල සත්‍ය තා වගු සාරාංශ ගත කිරීම මගින් ඒ එක එකක් එකිකෙනට වෙනස් බව අවබෝධ කර ගැනීම
Basic Logical Operations (Include Flash movies) මූලික තාර්කික මෙහෙයවන සම්බන්ධ පැහැදිලි කිරීම් මෙතනින් කියවන්න

No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers