Saturday, July 27, 2013

How ICT applied in society AL ICT


සෑම ආයතනයක් ම තමන්ගේ ක්ෂේත්‍රය තුල ඇති තරඟකාරී පරිසරය ජය ගැනීමට තොරතුරු තාක්ෂණය වෙත නැඹුරු වීම දැකිය හැකිය. උදාහරණ වශයෙන් අපට වඩාත් සමීප ආයතන තොරතුරු තාක්ෂණය තමන්ගේ ආයතනවල කටයුතු සඳහා යොදා ගන්නා අයුරු සැකෙවින් විමසා බලමු.
බැංකු විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නා අයුරු සැකෙවින්
·         බැංකු-ගනුදෙනු කරුවන්ගේ ගිණුම් ඒක් ස්ථානයක ඇති පරිගණකයක තැන්පත් කර තැබීම
·         එබැවින් එම ගිණුම හා සම්බන්ධ කරුණු සියල්ලම පරිගණක ක්‍රමලේඛණ මගින්  සිදු කරවා ගැනීමට හැකියාව ලැබේ.
·         පරිගණක ජාල භාවිතා කිරීම නිසා ඉහත කී ගිණුම් හා  සම්බන්ධ සේවාවන් වෙනත් ඕනෑම ශාඛාවක සිට ලබා ගැනීමේ හැකියාව
·          සියඵ බැංකු සේවාවන් පරිගණකය හා පරිගණක ජාල මගින් සිදු කර ගැනීමේ හැකියාව. උදාහරණයක් ලෙස ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීම ,නිවසේ සිට තමන්ගේ බිල්පත් ගෙවීම ,මුදල් වෙනත් ගිණුම් වලට මාරු කිරීම ,ශේෂය පරීක්ෂා ආදිය කිරීම සිදු කළ හැකිය.
telephone banking, Internet banking, ATM’s, Debit cards, Credit cards, MICR (Magnetic Ink Character Recognition) e.g. cheque processing, Direct debiting, etc.
කර්මාන්ත ශාලා තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නා අයුරු සැකෙවින්
- අමු ද්‍රව්‍ය මිළදී ගැනීම, තොගපවත්වා ගැනීම , යන්ත්‍ර සූත්‍ර ස්වයංක්‍රීය කරණය සිදු කිරීම,භාණ්ඩ අලෙවිය මාර්ග ගත කිරීම ,පිරිස් පරිපාලනය ,සියඵ ගිණුම් CAD ,CAM  වැනි ක්‍රම යොදා ගැනීම උදා නිෂ්පාදන කටයුතු සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීම මගින් වෙහෙසකර අනතුරු දායකහෝ ඉතා සියුම් කටයුතු අඛණ්ඩව සිදු කර ගැනීම
රෝහල් - රෝගීන් ගේ දත්ත ඇතුලත්  දත්ත පාදක සකස් කිරීම (හා ඒවා මාර්ග ගත කිරීම) මගින් වෛද්‍ය වරයාට රෝගියාගේ විස්තර ,රෝග නිධාන හා කලින් නියම කර ඇති ඖෂධ වර්ග බලා ගැනීමට හැකි වීම , වෛද්‍ය වරුන් වෙන් කර ගැනීම (channeling), මුදල් ගෙවීම, අන්තර්ජාලය හා දියුණු වෛද්‍ය උපකරණ භාවිතය  මගින් e medicine සේවාව ලබා දීම.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල -වාහන ආදායම් බලපත් ක්ෂනිකව ලබා දීම ,
සුපිරි වෙළඳ සැල් - තොග පාලනය , බිල්පත් සැකසීම ,මාර්ගගත අකාරයට භාණ්ඩ අලෙවිය(Online shopping) මගින් වෙළඳ සැල වෙත පැමිණීමට වේලාව නොමැති හා නොහැකි අයට භාණ්ඩ මිළදී ගැනීමේ හැකියාව සැළසෙන අතර පැය 24 ම භාණ්ඩ අලෙවිය සඳහා විවෘත ව තැබේ.
තොරතුරු තාක්ෂණය යොදා ගන්නා ආකාර සමහරක
ඉදිරිපත් කිරීම් (
presentation)
පරිගණකය මගින් චිත්තාකර්ශනීය ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමේ  හැකියාව ඇත.  පින්තූර , ශබ්ද , ප්‍රස්ථාර ,වගු , වීඩියෝ යනාදිය යොදා ගනිමින් පෙර සකසා තිබූ ඉදිරිපත් කිරීමක් මගින් ඉතාමත් සංවිධානාත්මකව   සභාව  දැනුවත් කිරීම      සිදුකළ හැකිය. කාර්ය මණ්ඩල රැස්වීම, ප්‍රජාව දැනුවත් කිරීමේ අවස්ථා ,ප්‍රගති හෝ ගැටඵ විමර්ශණය කිරීමේ විධායක රැස්වීම් යනාදී ඕනෑම අවස්ථාවක් ඉතාමත් සාර්ථකව මෙහෙයවිමට පරිගණක ආධාරිත ඉදිරිපත් කිරීම් යොදා ගත හැකිය.
නිවසේ සිට තමාගේ කාර්යාලීය වැඩ කොටස් ඉටු කිරීම (telecommuting)
විශාල දුරක් ගෙවා තමන්ගේ සේවා ස්ථානයට ලගා වීම හා එහි කාර්යයන් හි යෙදීම යල්පැන ගිය සංකල්පයක් ලෙස දක්වන සමහර ආයතන තමන්ගේ සේවකයින් සඳහා තම නිවසේ සිට පරිගණකය ඔස්සේ තම ආයතනයේ පරිගණක ජාලයට සම්බන්ධ වී අදාල කාර්යයන් සිදු කිරීමට අවකාශ සලසා ඇත.
වීඩියෝ සම්මන්මන්ත්‍රණ
ලොව පුරා ශාඛා පවත්වා ගෙන යනු ලබන ආයතන වල පාලනාධිකාරියට එක් වරම මුහුණට මුහුණලා සාකච්ඡා කිරීමට අවශ්‍ය වේ.  අන්තර්ජාල සබඳතා , විශේෂ මෘදු කාංග සහ වීඩියෝ කැමරා භාවිතයෙන් සාකඡ්චා පැවැත්විය හැකිය. මෙය ව්‍යාපාරික‍ ලෝකයේ කටයුතු වලදී ඉතා වැදගත් යෙදුමකි. මෙමගින් රටවල් කිහිපයක සිටින පුද්ගලයින් එක් ස්ථානයක සිට මුහුණට මුහුණ ලා සාකඡ්ඡා කරන අවස්ථාවක් නිර්මාණය වේ.
ප්‍රචාරණ කටයුතු
ප්‍රචාරණ කටයුතු සඳහා ගුවන් විදුලිය ,රූපවාහිනි මාධ්‍ය , පුවත් පත් , පෝස්‍ටර් , බැනර් ආදිය යොදා ගැනීම කලක් තිස්සේ සිදු කෙරෙමින් තිබෙන බව අපි දනිමු. වර්තමානයේදී මෙම සෑම මාධ්‍යයක් ම තොරතුරු සන්නිවේදන තාක්ෂණය තම කටයුතු සඳහා ‍යොදා ගනී.  ව්‍යාපාරික අංශ විසින් තම ප්‍රචාරණය සිදු කරන අංශ 3 ක් පහත දැක්වේ. 
නිමැවුම් ප්‍රචාරණය
යම් භාණ්ඩයක් අලෙවි කිරීම සදහා
            ඉලක්ක ගත පාරිභෝගකයින්(target audience) හඳුනා ගැනේ.
                ප්‍රචාරක දැන්වීම් හෝ ක්‍රමවේදය තීරණය කරයි
            සුදුසු ප්‍රචාරක මාධ්‍යය හෝ මාධ්‍යයයන් තෝරා ගනී
ව්‍යාපාරික ප්‍රචාරණය
            මෙහිදී නිෂ්පාදනය කරන යම් භාණ්ඩයක් පිළිබද ප්‍රචාරණය කිරීම වෙනුවට ව්‍යාපාරය පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රචාරය කිරීම සිදු කෙරේ.
සේවා ප්‍රචාරණය
            අධ්‍යාපනික අවස්ථා ,රක්ෂනය , සුබ සාධන , සංචාරක සේවා ,බැංකු සේවා ආදී සේවවාවන් පිළිබඳ ප්‍රචාරණය කිරීම මෙහිදි අදහස් කෙරේ.
 තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම
වෙබ් අඩවි වල දැන්වීම් පළ කිරීම හා එමගින් ස්වයංක්‍රීයවම ඉලක්කගත කණ්ඩායම හදුනා ගැනේ. - eg : Google ads
තේමාවක් ඔ‍ස්සේ Blog ලිවීම මගින් පාරි‍භෝගිකයා ආකර්ශණය කර ගැනීම
දැන්වීම්, පුවත්පත් දැන්වීම් ආදිය සැකසීමට DTP යොදා ගැනීම
රූපවාහිනී දැන්ව්ම් සඳහා ත්‍රිමාණ සජීවීකරණය යොදා ගැනීම
විද්‍යුත් වාණිජ කටයුතු
 අන්තර්ජාලය හරහා භාන්ඩ විකිණිම හා  මිළදී ගැනීම සිදු කීරීම මේ යටතේ සලකා බැලේ. යම් ආයතනයකට තමන්ට අවශ්‍ය අමු ද්‍රව්‍ය තොග ඇනවුම් කිරීම හා මුදල් ගෙවීම සඳහා ව්‍යාපාරික වෙබ් අඩවි ඉඩ සලසයි. Amazons  සහ E bay වැනි ආයතන අන්තර්ජාලය තුළ දැකිය හැකි ප්‍රධානම විද්‍යුත් ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන ආයතන 2 කි.
·         ආයතනයේ දත්ත සැකසුම් ක්‍රියාවන් සඳහා
·         එදිනෙදා පරිපාලන කටයුතු සඳහා

ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා  ICT යොදා ගැනීම   
ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා  තොරතුරු සන්නිවේදන තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීම ආකාර 3 කට වෙන් කර දැක්විය හැකිය.
1)   පරිගණක ආධාරයෙන් ඉගෙනීම (Computer Assisted Learning )CAL
යම් විෂයයක් ඉගැන්වීම සඳහා  ඇති පරිගණක මෘදුකාංග සකස් කළ හැකිය. මේවා සකස් කරන්නේ  අධ්‍යාපනඥයින් , පරිගණක ක්‍රමලේඛන ශිල්පීන් හා බහුමාධ්‍ය සැකසුම් ශීල්පීන් විසිනි. මෙවැනි මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කර ගැනීම හෝ සංයුක්ත තැටි වල අන්තර් ගත කර භාවිතා කිරීම මගින් ගුරුවරයාට තමන්ගේ පාඩම පන්තියට ඉගැන්වීම සඳහා පරිගණකය උදව් කර ගත හැකිය. මෙම ක්‍රමවේදය CAL ලෙස හැඳින්වේ.
පරිගණක පාදක ඉගෙනීම (Computer Base Learning)
ඉගෙන ගැනීමේ මූලික මෙවලම ලෙස පරිගණකය යොදා ගැනීම මෙහිදී අදහස් කෙරේ. පරිගණකය සතු බහුමාධ්‍ය හැසිරවීමේ හැකියාව , දුරස්ථ ලෙස වෙනත් සේවා දායක පරිගණක සමඟ සම්බන්ධවීමේ හැකියාව ,අන්තර්ක්‍රියාකාරී ලෙස භාවිතා කරන්නා සමඟ කටයුතු කිරීමේ හැකියාව ආදිය  සඳහා යොදා ගැනේ. ඉගෙන ගන්නා හට තමන් කැමැති වේලාවක දී කැමැති වාරගණනක් ඉගෙනීම සඳහා හැකියාව ලැබේ.
පරිගණක පාදක ඇගැයීම  (Computer base Evaluation)
දැනුම පරීක්ෂා කිරීම සඳහා සම්ප්‍රදායික විභාග ක්‍රමය වෙනුවට තාක්ෂණය යොදා ගැනීම මෙහිදී සිදු කෙරේ.  පරිගණකය ඇසුරින් සකසන ලද වැඩසටහනක ආධාරයෙන්   පරිගණක ජාල ඇසුරෙන් ඇගැයීම සිදු කරන අතර මෙහි ප්‍රතිපල ලබා දීම දක්වා කටයුතු ස්වයංක්‍රීයව සිදු කෙරේ. 

No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers