Saturday, December 8, 2012

AL ICT Competency 8.3


8.3 ඵලදායි  සන්නිවේදනයක් සඳහා දත්ත සම්ප්‍රේෂණ ක්‍රමවේද විමර්ශණය කරයි.
දත්ත සම්ප්‍රෙෂණය සහ ප්‍රතිග්‍රහණය (data transmission and Reception)
දත්ත සම්ප්‍රේෂණය යනු ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගමන් කරවීමය. විද්‍යුත් චුම්භක තරංග ( electrical voltage, radio wave, microwave, or infrared signal.) අනුසාරයෙන් දත්ත තැනකින් තැනකට මාරු කිරීම හෝ එක් ස්ථානයක සිට  ස්ථාන කිහිපයක් දක්වා දත්ත මාරු කිරීම සිදු කෙරෙන අතර තඹ කම්බි , ප්‍රකාශ තන්තු හෝ රැහැන් රහිත මාධ්‍ය මෙහිදී යොදා ගැනේ. මෙහිදි ප්‍රධාන වශයෙන් අංකිත සංඥා සම්ප්‍රේෂණය අදහස් කෙරෙන අතර ප්‍රතිසම සංඥා සම්ප්‍රේෂණය ද සලකා බැලේ.
ප්‍රතිග්‍රහණය
සම්ප්‍රේෂණය කරන ලද තරංග ගමනාන්තයට ලඟාවූ පසු ඒවා ලබාගෙන ඒවා දත්ත බවට හැරවීම ප්‍රතිග්‍රහණය ලෙස හැඳින්වේ.
වාහක සංඥා (carrier signals)

මෙය සයිනාකාර ස්ථාවරඅධිසංඛ්‍යාත විද්‍යුත් චුම්භක තරංගයක් වන අතර එයට තවත් යම් තරංගයක් අනුව තම  විස්ථාරය . සංඛ්‍යාතය හෝ කලාව වෙනස් කර ගැනීම මගින් මූර්ජිත තරංගයක් බවට පත් විය හැකිය. මේ අයුරින් දත්ත රැගෙන ගමනාන්තය කරා ලඟා වීමට වාහක සංඥා(මූර්ජිත) යොදා ගනී.


බේස් බෑන්ඩ් තරංගයක් යනු කුමක්ද
සම්ප්‍රේෂණය කළ යුතු දත්ත අඩංගුවන මූලික තරංගයයි. තරංගය සම්ප්‍රේෂනය කරන රැහැනේ කලාප පළල සම්පූර්ණයෙන්ම අත් පත් කර ගෙන ඇත්තේ එකම තරංගයකි.

බ්‍රෝඩ් බෑන්ඩ් තරංගයනු මොනවාද ?
රැහැනේ කලාප පළල තුළ තරංග කිහිපයකට ඉඩ සලසයි




මූර්ජනය(Modulation) යනු කුමක්ද ?
අධි සංඛ්‍යාත වාහක තරංගය,තොරතුර අඩංගු බේස් බෑන්ඩ් තරංගය අනුව තම තරංගයේ ගති ලක්ෂණ වෙනස් කර ගැනීම මූර්ජනය ලෙස හැඳින්වේ.

මූර්ජනය කිරීම අවශ්‍ය වන්නේ ඇයි ?
ශබ්දය යම් මාධ්‍යයක්(කම්බියක් මගින් හෝ රේඩියෝ තරංග ) ඔස්සේ  සම්ප්‍රෙෂනය කිරීමට අවශ්‍ය යැයි සිතමු. එසේ නම් එම ශබිද තරංග අධි සංඛ්‍යාත තරංගයක් හා මුසු කර සම්ප්‍රේෂණය කිරීම සිදු කළ යුතුය. එවිට එම තරංගය වැඩි දුරක් ස්ථාවරව සම්ප්‍රෙෂනය කිරීමට හැකිවේ. එකම චැනලයක එකවිට තරංග වැඩි ප්‍රමාණයක් මුදා හැරීම /ගමන් කරවීම සඳහා ද ඒවා මූර්ජනය කළ යුතුය.
මූලික මූර්ජන තාක්ෂණයන් (basic modulation techniques)
මෙහිදී ප්‍රතිසම තරංග සහ අංකිත සඳහා මූර්ජන සිදු කරන කමවේද වෙන වෙනම සලකා බලයි
ප්‍රතිසම තරංග සදහා මූර්ජනය සිදුකරන ආකාර
විස්ථාර මූර්ජනය - Amplitude Modulation:(විස්ථාරය වෙනස් කරයි.)

බලාපොරොත්තු වන්න............

3 comments:

  1. ඔබ ඉතා වටිනා ලිපියක් ලියලා තියෙන්නේ සර්...ඒක අපිට හරි වටිනවා

    ReplyDelete
  2. sir Murganaya ganth ikmanata liyanavada?

    ReplyDelete
  3. It is very valuable. There is no site like this. please keep updating regularly
    thank you

    ReplyDelete

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers