Sunday, September 4, 2011

OL ICT competency 13 -develop multimedia contents

Competency 13 for OL ICT -Develops Multimedia contents to express ideas effectively
This is a little guide to Create a  2D animation   As a sub competency under this competency
අ පොස සාපෙළ තොරතුරු තාක්ෂණ විෂයයේ 13 වන නිපුනතාවය - ඵලදායක ලෙස අදහස් ප්‍රකාශ කිරීම සදහා බහුමාධ්‍ය සන්ධාරයන් සකස් කරයි-

 මෙම නිපුනතාවය යටතේ එක් උප නිපුනතාවයක් ලෙස ද්විමාන සජීවීකරණය සදහා Flash මෘදුකාංගය ඇසුරෙන් සජීවීකරණයන් සිදු කරන අයුරු හැදෑරිය යුතුය. මේ සදහා කුඩා මගපෙන්වීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණය. Flash ඇසුරෙන් සිදු කළ හැකි මූලික සජීවිකරණයන් 3 ක් ‍ඇත.

  1.  Frame by Frame Animation 
  2.  Shape Tween 
  3.  Motion Tween 
Tweend Animation යනු මොනවාද? 
මෘදුකාංගයේ timeline තීරුව අනුව වස්තුවක ස්ථාන 2 ක පිහිටීම් හා ස්වරෑප අතර (between) වෙනස ඇනිමේට් කිරීම tweened animation ලෙස හැදින්වේ. Shape tween හා Motion tween යනු එම Tween Animation හි අකාර 2කි.
  Shape Tween නිර්මාණය කිරීම 
මේ සදහා පහත පියවර අනුගමනය කිරීම මගින් ඔබට Shape Tween නිර්මාණය කිරීමට‍ හැකිවේ.


1) පළමුව කැමති නමකින් ලේයර් එකක් නම් කරගන්න. මෙහිදී අප Fish යනුවෙන් ලේයර් එකක් නම් කර ඇත. ඉන් පසු එම ලේයර් ‍එකෙහි පළමු Frame එක මත කැමති ආකාරයක හැඩයක් (Shape) ඇද ගන්න. අප මෙහිදී වෘත්තාකාර හැඩයක් ඇද එයට Gradient වර්ගයේ පිරවුමක් ලබා දී ඇත.

2) දැන් 80 වැනි Frame එකට ගොස් එහිදී keyFrame එකක් Inseart කරන්න. මේ සදහා F6 key එක තද කිරීම හෝ අදාල Frame එකෙහි Right Click කල විට ලැබෙන මෙනු එකෙන් Insert Key Frame යන්න තේරීම සිදු කරන්න.එවිට පලමු Frame එකෙහිදී ඔබ නිර්මාණය කළ හැඩයම මෙම Frame එක‍ටද ලැබේ.

 3) දැන් Frame 80 ඇති හැඩය කැමැති හැඩයක් දක්වා වෙනස් කරන්න. මෙහිදී අප විසින් රූපයේ දක්වා ඇති හැඩය ලැබෙන තෙක් එය වෙනස් කර ඇත. මේ සදහා selection tool එක භාවිතා කරන ලදී.



4) දැන් Frame1 හා Frame 80 අතර මැද ඕනෑම ස්ථානයක ක්ලික් කර properties කවුඵවෙහි Tween යන ස්ථානය තුලින් Shape යන්න තෝරන්න. දැන් Shape tween animation එක සකසා අවසානය. Control -->Test Movie මගින් එය ක්‍රියාත්මක කරන්න

No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers